IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තංගල්ල බස්නැවතුම්පොළ උඩුමහලේ දුරකතන අලෙවිසැල් දෙකකට ආ අය සොයයි

(අනීෂා මානගේ)

කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ නාවික හමුදා නිලධාරියකු පැමිණි බව කියන තංගල්ල බස් නැවතුම්පළේ පිහිටි ජංගම දුරකතන අලුත්වැඩියා කරන ස්ථාන දෙකකට ඉකුත් 22,23 සහ 24 දිනයන්හීදි පැමිණි අයවලුන් සිටි නම් හැකි ඉක්මනින් තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම කාර්යාලය කියයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ සිට තංගල්ල බලා නාවික හමුදා නිලධාරින් පිරිසක් සමඟ පැමිණි බස් රථයක සිටි නිලධාරියකු ඉකුත් 22 වැනිදා තංගල්ල නගරයේ බස් නැවතුම්පොළෙහි උඩුමහළෙහි පිහිටි “ෆියුචර් කැෆේ කමියුනිකේෂන් සහ බෝගහවත්ත කමියුනිකේෂන් යන ජංගම දුරකතන අලුත්වැඩියා කරන ආයතන දෙකට ගොස් ඇතැයි අනාවරණය වී ඇති බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කියයි.

එලෙස පැමිණි නිලධාරියා ඊයේ(24) දිනයේදී කොවිඩ් -19 ආසාධනය වී ඇති බවට සෞඛ්‍ය අංශ තහවුරු කර ගෙන තිබීම හේතුවෙන් ඉකුත් 22 වැනිදා සිට 24 දක්වා කාලය තුළ එම ජංගම දුරකතන අලෙවිසැල් දෙකට ගමන් කළ සියලුම දෙනාට රෝග බෝවීමේ අවධානමක් ඇතැයිද වෛද්‍ය ගජධීර මහතා කියයි.

මේ හේතුවෙන් එලෙස පැමිණි යම් අයෙක් වෙතොත් වහාම තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුම්වත් කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියි.



අදහස් (0)

තංගල්ල බස්නැවතුම්පොළ උඩුමහලේ දුරකතන අලෙවිසැල් දෙකකට ආ අය සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site