IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඩොලරය 186 ත් පනී

(හර්ෂණ තුෂාර සිල්වා)

ගෝලීය වසංගතයක් බවට නම් කර තිබෙන නව කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (17) ඉතිහාසගත ලෙස පහළ ගියේය.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද (17) 186.66 ලෙස සටහන්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 186.66ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 182.57ක් ලෙසත් දැක්විණි.

ගෝලීය වසංගතයක් ලෙස නම් කර තිබෙන කෝවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීය මුදල් ඒකක අවප්‍රමාණය වෙමින් තිබේ.

කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය සතියේත් මේ සතිය ආරම්භයේදීත් ලොව මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටිණි.

ඇතිව තිබෙන තත්ත්වය හේතුවෙන් පොළී අනුපාත අඩු කිරීමට ද ලොව බොහෝ රටවල මහ බැංකු ඊයේ ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගත්තේය.

මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මාර්තු 13 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.6කින් අවප්‍රමාණය වී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.



අදහස් (5)

ඩොලරය 186 ත් පනී

athura Tuesday, 17 March 2020 10:12 AM

පහුගිය කාලේ මේවාට උඩ පැනගෙන අදහස් දාපු ආර්ථික ඔස්තාර්ලා මේ නිවුස් එක දකිත්වා...!!! 

:       0       0

prasanna wimal Tuesday, 17 March 2020 10:20 AM

යමු යමු 200 දක්වා... කෝ කෝ අපේ බන්දුල මහත්මයා....

:       0       0

prasanna wimal Tuesday, 17 March 2020 10:20 AM

යමු යමු 200 දක්වා.... කෝ කෝ අපේ බන්දු...?

:       0       0

MOHOMED Tuesday, 17 March 2020 10:43 AM

පිටරට ස්වය කරන අපිට හොඳයි...

:       0       0

Raum Tuesday, 17 March 2020 12:04 PM

කෝ අර නාලිකාවල පැයෙන් පැයට කියන්නෙ නැතිද ඩොලරයෙ කඩා වැටිම ගැන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2500 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site