IMG-LOGO

ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා නීතිවිරෝධීව සපයන්නන්ට එරෙහිව පියවර

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

සෘජුවම නිවසට ලබා දෙන (DTH service / Dish TV) ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා නීතිවිරෝධීව සපයන්නන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය සේවාවන් ප්‍රචාරණය කිරීම සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

එවැනි නීති විරෝධී ව්‍යාපාරිකයන්ගෙන් මෙම සේවා ලබා ගැනීම හෝ කිසිම ආකාරයක ගෙවීමක් නොකිරීමට සැලකිලිමත් වන ලෙස සියලුම පාරිභෝගිකයින්ට එම කොමිෂන් සභාව දැනුම් දෙයි.

එම සේවා ලබා ගැනීමට පෙර බලයලත් ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා සැපයුම්කරුවන් (DTH service / Dish TV)  පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා http://www.trc.gov.lk/direct-to-home-satellite-broadcasting-operators.html වෙත පිවිසෙන ලෙසද එම නිලධාරීහු පාරිභෝගිකයන්ට දැනුම් දෙයි.
 



අදහස් (2)

ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී සේවා නීතිවිරෝධීව සපයන්නන්ට එරෙහිව පියවර

තරිඳු ඉරංග Friday, 24 April 2020 01:04 PM

මේ ආයතනය වැඩ කරන්නේ මහජනතාව ගැන හිතලා නෙමේ. සමාගම් දෙක තුනක් වෙනුවෙන්. අඩු මුදලට ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිනී ලබා දෙන විදෙස් සමාගම් වලින් පාරිභෝගිකයන් සේවාව ලබගත්තම මේ අයට කුට්ටිය ලබා දෙන ලංකාවේ සමාගම් වලට පාඩුයිනේ. ඒකයි මෙයාලා මේ දගලන්නේ. ඔච්චර උවමනාවක් තියෙනවා නම් මිනිස්සු ලක්ෂ ගානක් ඉල්ලනවා අන්තර්ජාල දත්ත වලින් සමාගම් පරිභෝගිකයන් ගසා කන එක නවත්තලා දෙන්න කියලා. ඒ ගැන හොයලා බලන්නකෝ. මේ මිනිස්සු අඩුවට ටීවී බලද්දී ඒකට හරස් කපන්නේ නැතිව.

:       0       0

ලසන්ත Saturday, 25 April 2020 01:41 AM

මම නම් දැනට පියෝ ටී.වී පහසුකම ගෙන තිබෙනවා. නමුත් දැනට අවුරුදු තුන, හතරක සිට අප ප්‍රදේශයේ යන්තමින් හෝ විදුලිය කෙටීමක් සිදුවුනොත් දුරකථනය විසන්ධි වෙනවා. අපට දුරකථන සම්බන්ධතාවය ලබාදෙන යන්ත්‍රය සවිකර ඇති ස්ථානයට ඉහල කන්දේ 2003 දී දුරකථන සම්ප්‍රේසන කුළුනක් ඉදිකර තිබුනත් මෑතක් වනතුරු ඉන් ගැටළුවක් තිබුනේ නැහැ. නමුත් වසර දෙක තුනක සිට කුළුන අවට ප්‍රදේශයට දැඩි අකුණ පතිතවීමක් සිදුවෙනවා දුරකථන අක්‍රිය වීමට මෙම අකුණ හේතුවෙනවා. විද්‍යාව නොදත් අපිට හිතෙනවා මෙම අකුණ ගසන්නේ කුළුනේ අකුණු සංනායක අක්‍රිය වීමෙන්ද කියල... මෙම තත්වය මත මමත් ඩිජිටල් චන්ද්‍රිකා රූපවාහිණී සේවයක් ගැනීමම සිතා සිටිනවා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site