(ජේ.ඒ.එල්. ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
ටැන්සානියාවේ සංචාරයක නිරතව මෙරටට පැමිණි හිමිනමකට සහ තවත් පුද්ගලයකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පවසයි.
එරට බෞද්ධ සංවිධානයක ඇරයුම මත 30 ක පමණ බෞද්ධ දූත පිරිසක් එරට සංචාරක නිරත වී ඇති අතර ඔවුන් ආපසු ලංකාවට පැමිණීමට පෙර ටැන්සානියාවේ දී පි.සි.ආර්. පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහිදී ඔවුන්ට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.
ඔවුන් කටුනායක ගුවන් තොටුපළේ සිට මහනුවර බලා එමින් සිටියදී කිසියම් ශාරීරික අපහසුතාවක් තිබීම හේතුවෙන් කුරුණෑගල ප්‍රදේශයේ දී අදාළ හිමිනම රැපිඩ් ඇන්ට්ජන් පරීක්ෂණයකට භාජනය කළ අවස්ථාවේදී එම හිමිනමට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
කොවිඩ් වයිරස ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති අනෙක් පුද්ගලයාට ආසාදනය වී ඇත්තේ කුමන වෛරසයක් දැයි හඳුනාගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසීය.
මෙම කණ්ඩායම සමඟ පැමිණි තවත් පිරිසක් ලංකාවට නොපැමිණ වෙනත් රටවලට පිටව ගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ටැන්සානියාවේ සංචාරයට ගිය දෙකකට කොරෝනා