IMG-LOGO

ජපානය හදිසි නීතීය ඉවත් කිරීමට සැරැසෙයි

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ හදිසි නීතිය ඉවත් කිරීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා තීරණය කර ඇත.
 
මාස දෙකක් ඇතුළතදී වයිරසයේ පාලනය කිරීමට සමත්වූ බවත් එබැවින් ‘ලොක්ඩවුන්’ ඇතුළු දැඩි සීමා ලිහිල් කරන බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා අද (25) පැවැසීය.
 
නව ආසාදිතයන් වාර්තා වීම අඩු වීමත් සමඟ සමාජ දුරස්ථභාවයට අදාළව පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ජපාන බලධාරිහු මැයි 14 වැනිදා පියවර ගත්හ. එහෙත් ටෝකියෝ සහ ප්‍රධාන පරිපාලන ප්‍රදේශ හතකර දැඩි සීමා අඛණ්ඩව පවත්වාගෙන යෑමට ජපාන බලධාරීහු ක්‍රියාකළහ.

ජපානය යනු ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටයි. ජපානයෙන් අද (25) වනවිට ආසාදිතයන් 16,600කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබුණු අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත 839ක් ලෙස දැක්විණි.

ජපානය නව කොරෝනා වයිරසයේ ‘‘ව්‍යවසන කලාපයක්’’ වනු ඇතැයි මීට මාසයකට පෙර සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබිණි. කෙසේ නමුත් රජය ඊට දැක්වූ ප්‍රතිචාරය හේතුවෙන් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගැනීමට හැකිවූයේ යැයි පැවසේ. ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ ප්‍රසාදය ද හිමි වී ඇත.
 
 ගාඩියන් /රොයිටර්
 
055



අදහස් (0)

ජපානය හදිසි නීතීය ඉවත් කිරීමට සැරැසෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site