IMG-LOGO

චීනයට ආනයනය කළ කුකුළු මස් තොගයක කොරෝනා

බ්‍රසීලයේ සිට චීනයේ දකුණු දිග නගරයක් වන ෂෙන්සෙන් වෙත ගෙනයන ලද ශීත කළ කුකුළු මස් තොගයක කොරෝනා වයිරසය හමුවී ඇතැයි චීන රජය පවසයි.

දේශීය රෝග පාලන මධ්‍යස්ථානය විසින් එම කුකුළු මස් තොගයෙන් ලබාගත් මතුපිට සාම්පල පරීක්ෂා කිරීමේදී මේ බව සොයාගෙන තිබේ.

ඉක්වදෝරයෙන් ආනයනය කළ ශීත කළ කූනිස්සන් ඇසුරුම් පරීක්ෂා කිරීමේදී ද කොවිඩ් - 19 ඇති කිරීමට හේතුවන කොරෝනා වයිරසය හමුවූ බව ඔවුහු පවසති.

මෙම තත්ත්වය යටතේ ආහාර අපනයනයේදී වඩාත් සැලකිලිමත් විය යුතු බව චීන බලධාරීහු පවසති.සියලු වරායන්හි පරීක්ෂාකිරීම් වේගවත් හා සූක්ෂම ලෙස සිදුකළ යුතු බවට ද ඔවුන් අවධාරණය කර තිබේ.

ආහාර සුරක්ෂිතතා අවදානම තක්සේරු කිරීමේ චීන ජාතික මධ්‍යස්ථානය පසුගිය ජුනි මාසයේදි කියා සිටියේ ශීතකළ ආහාර මගින් වයිරසය ආසාදනය වීමේ හැකියාව බැහැර කළ නොහැකි බවයි.

සෙල්සියස් අංශක සෘණ 20ක උෂ්ණත්වයක වසර දෙකක් පමණ වයිරස නොනැසී පැවතිය හැකි නමුත් කොරෝනා වයිරසය ශීත කළ ආහාර හරහා පැතිර යා හැකි බවට මෙතෙක් ප්‍රබල සාක්ෂි හමුවී නොමැති බව විද්‍යාඥයෝ පවසති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

චීනයට ආනයනය කළ කුකුළු මස් තොගයක කොරෝනා

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 13 August 2020 02:10 PM

මෙය අපද විමසිල්ලට ගතයුතු කාරණයක්. මන්දයත්, අපගේ රටට ඉන්දියාවේ සිට කේරළ ගංජා, කහ, බීඩි කොළ හා කුඩු නිතර දෙවේලේ අනවසරයෙන් ගෙනෙනු ලබනවා. මේ තුළින් රටට කොරෝනා වයිරසය පැමිණීමේ අවදානමක් තිබෙනවා.

:       117       1446

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 164 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 479 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site