IMG-LOGO

ගුවන් තහනමට පෙර ආ ලාංකිකයන්ට දැන් සයිප‍්‍රසයට යා හැකියි

විනීතා එම් ගමගේ

ගුවන් ගමන් තහනමට පෙර නිවාඩු සදහා පැමිණ යළි සයිප‍්‍රසයට යාමට නොහැකිවූ සයිප‍්‍රසයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට දැන් එහි යාමට හැකියාව ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශය කියයි.

කොවිඞ් 19 වයිරසය පැතිර යාමත් සමඟ පැනවුණු සයිප‍්‍රසයේ ගුවන් ගමන් තහනම මේ වනවිට ඉවත් කර ඇති බැවින් එරටට ඇතුල්වීමට හැකියාව ලැබී ඇතැයි කාර්යංශය දන්වා සිටියි.


සයිප‍්‍රසයේ සේවය කිරීම සදහා වලංගු වැඩ බලපත‍්‍රයක් සතු ශ‍්‍රමිකයින්ට තමන්  ලබාගත් මාස තුනක නිවාඩුව අවසන් වන දිනය මාර්තු මස 15 න් පසු දිනයක් නම් කිසිදු අවහිරයකින් තොරව යළි එහි යාමට අවස්ථාව හිමි වනු ඇත.

එමෙන්ම ඉකුත් ජනවාරි 01 දායින් පසුව සයිප‍්‍රසයෙන් බැහැර වූ හා තම වැඩ බලපත‍්‍රයේ වලංගු කාලය මාර්තු 15 න් පසු කල් ඉකුත් වී ඇතත් එය අයත් නොවේ නම් සයිප‍්‍රසයට ඇතුල් වීමේ බලපත‍්‍රයක් ඉල්ලූම් කිරීම මගින් එරට රැකියාවකට යාමට අවස්ථාව හිමිවන බව කාර්යංශය කියයි.

මේ සදහා ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් කාර්යාල සමග සම්බන්ධ වී වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

වැඩිදුර විස්තර සයිප‍්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයෙන් 0035722550030 අංකය ඇමතීමෙන් ලබා ගත හැකිවේ. 



අදහස් (2)

ගුවන් තහනමට පෙර ආ ලාංකිකයන්ට දැන් සයිප‍්‍රසයට යා හැකියි

Rohith Sunday, 24 May 2020 09:52 AM

යවන්න පුදුම හදිස්සියක්... ගෙන්න ගන්න හිතලාවත් නැහැ. යන්න එපා... ලංකාවේ පුම්බාගෙන ඉන්න රජය බලාගනියි.

:       1       42

janaka Sunday, 24 May 2020 10:03 AM

පඩි ගෙවන්න සල්ලි නැතුව වගේ කට්ටියට ලංකාවේ ඉන්න අයව යවන්න හදන්නේ. මේ ආයතනය වසා දමන්න ඕනේ. බොරුවට මිනිස්සුන්ගෙන් සල්ලි ගරනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site