IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගාල්ලේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර නිවසටම ලබාදීමේ වැඩපිළිවෙළක්

(සිරංගිකා ලොකුකරවිට සහ ඩී.ජී. සුගතපාල) 
 
පවතින ඇදිරි නීතිය තත්ත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ විශේෂ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
 
දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සදහා අවශ්‍ය මෙහෙයවීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
 
මේ අනුව ඇඳිරි නීතිය බලපවත්වන කාලසීමාව තුළ දී විශේෂ අවසර පත්‍රයක් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතින් නිකුත් කෙරෙන අතර එමගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ග්‍රාමීය මට්ටමින් රථවාහන මගින් බෙදා හැරීමට වෙළෙන්ඳන්ට ඉඩ හිමිවේ. මේ පිළිබඳ දිස්ත්‍රික්කයේ සියලුම වෙළඳ සංගම් දැනුම්වත් කර ඇත.
 
එමෙන්ම තොග වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කොළඹ සිට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය අවසර පත්ද, එළවලු ආදිය තොග වශයෙන් රැගෙන ඒම සඳහා අවශ්‍ය අවසර පත් ද ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් නිකුත් කිරීම සිදු වන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කලේය.



අදහස් (1)

ගාල්ලේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර නිවසටම ලබාදීමේ වැඩපිළිවෙළක්

MOHOMED Monday, 23 March 2020 01:10 PM

වතුකරයේ ජනතාව ගැන රජයම බලන්න අවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 32 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site