IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 41,429 දක්වා ඉහළට

(තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයෙහි අද (9) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 558 දෙනෙකු හමුව ඇති අතර මේ අනුව කොවිඩ් දෙවන රැල්ලේ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 41,429 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ආසාදිතයන් හමුවීම දොම්පෙ කොට්ඨාසයෙන්  - 80 ක්,  අත්තනගල්ල සහ මීගමුව කොට්ඨාසයන්ගෙන් - 60 දෙනෙකු බැගින්, බියගම  - 57  ක්, වත්තල - 49 ක්, කටාන සහ මහර කොට්ඨාසයන්ගෙන්  - 48 ක් බැගින්, ගම්පහ  - 42 ක්,  රාගම  - 35 ක්,  කැලණිය  - 23 ක්, මීරිගම  - 20 ක්, දිවුලපිටිය  - 13 ක්,  ජාඇල  - 9 ක්,  මිනුවන්ගොඩ  - 8 ක් සහ සීදූව කොට්ඨාසයෙන් - 6 දෙනෙකු වශයෙන්   වාර්තා වි තිබේ. 

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව නිදහස් වෙළඳ කලාපයේ කටුනායක කර්මාන්තශාලා වලින් ආසාදිතයින් 25 දෙනෙකු සහ බියගම කර්මාන්තශාලා වලින් ආසාදිතයින් 17 දෙනෙකු හමුව ඇත.

මේ අතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,333 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද වෙබ් අඩවියෙහි සදහන්ය. 

 



අදහස් (0)

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 41,429 දක්වා ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 213 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 102 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site