(ටෝනි කරුණානායක )
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්ත විමර්ශන ඒකකයකින් කොවිඩ් ආසාදිතයින් පොකුරක් නිර්මාණය වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද (06) සඳහන් කළේය .
එම විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් 06ක් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බවත් එම ආසාදිතයින් හය දෙනා රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු පැවසූහ .
එම ආසාදිත පොලිස් නිලධාරීන් සහ නිලධාරීනියන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් මෙන්ම ඔවුනගේ පවුලේ උදවිය ඇතුළු 50 කට ආසන්න පිරිසක් නිරෝධායන ට යොමු කිරීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි .
එසේ නිරෝධායනයට යොමු කළ පිරිස අතර ගම්පහ පොලිස් නිල නිවාස 04 ක පදිංචි පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් ඇතුළු ඔවුනගේ පවුලේ උදවිය සිටින බව සෞඛ්‍ය අංශ පවසයි .
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ 6 කට කොරෝනා