( තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (29) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 58 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 359 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම දොම්පෙ කොට්ඨාසයෙන් - 40 ක්, අත්තනගල්ල සහ බියගම කොට්ඨාසයන්ගෙන්- 38 දෙනෙකු බැගින්, මහර - 34 ක්, මීගමුව - 27 ක්, කටාන - 24 ක්, රාගම - 21 ක්, මිනුවන්ගොඩ - 15 ක්, දිවුලපිටිය - 14 ක්, මීරිගම, ගම්පහ සහ ජාඇල කොට්ඨාසයන්ගෙන් - 12 දෙනෙකු බැගින්, කැලණිය - 9 ක් සහ වත්තල කොට්ඨාසයෙන් ආසාදිතයින් පස් දෙනෙකු වශයෙන් සිදුව ඇත.
කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 29 දෙනෙකු හමුව ඇති අතර එය නිදහස් වෙළඳ කලාපයේ කටුනායකින් - 20 ක්, බියගමින් - 4 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව සිව් දෙනෙකු වශයෙන් හමුව ඇත.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,203 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගත වු පැය 24 දී සීදුවෙන් ආසාදිතයින් 58 ක්