(තිලකරත්න දිසානායක)
කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 52,521 දෙනෙකු දක්වා ඉහළ යද්දී අද (1) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 452 ක් හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
පැය 24 ක කාලය තුල 69 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර සෙසු කොට්ඨාසයන්ගෙන් මීරිගම - 50 ක්, අත්තනගල්ල - 45 ක්, ජාඇල - 42 ක්, ගම්පහ - 41 ක්, දොම්පෙ - 34 ක්, වත්තල - 31 ක්, කැලණිය සහ මහර කොට්ඨාසයන්ගෙන් - 30 බැගින්, මිනුවන්ගොඩ - 25 ක්, බියගම - 23 ක්, කටාන - 12 ක්, දිවුලපිටිය - 8 ක්, මීගමුව - 7 ක් සහ රාගම - 5 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 32 ක් හමුව ඇති බවත් ආයෝජන කලාපය කටුනායකින් - 25 දෙනෙකුද , බියගමින් - 3 දෙනෙකු සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 4 දෙනෙකු වශයෙන් හමුව ඇති බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 16,869 දෙනෙකු අද වනවිට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ගෙන තිබිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගතවු පැය 24 දී ගම්පහින් ආසාදිතයින් 452 ක්