IMG-LOGO

කොළඹ තරු පහේ හෝටල් ඇතුළු සංචාර මණ්ඩලයේ අනුමත හෝටල්-අවන්හල් හෙට විවෘතයි

(නිමන්ති රණසිංහ)

කොළඹ නගරයේ තරු පහේ හෝටල් ඇතුළු සංචාරක මණ්ඩලයේ අනුමත සියලූ හෝටල් සහ අවන්හල් හෙට (26) සිට විවෘත කිරීමට අවසර දී ඇතැයි මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා ලංකාදීපයට අද (25)  පැවසීය.
 
සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් එම අවන්හල් සහ හෝටල් නිසි පරිදි පවත්වාගෙන යාමට එලෙස අවසර ලබා දී ඇතැයි ද චන්ද්‍රපාල මහතා සදහන් කරයි.

එසේම, විවෘත කළ අදාළ ආයතන සෞඛ්‍යාරක්ෂිත නිසි ක‍්‍රමවේදයන්ට අනුගත වෙමින් පවත්වාගෙන යන්නේ දැයි සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සමන්විත කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවද චන්ද්‍රපාල මහතා සදහන් කරයි.
 
මෙම කණ්ඩායමට අවශ්‍ය වුවහොත් ශ්‍රී ලංකා පොලීසියේ ද සහාය ලබා ගන්නා බව ද චන්ද්‍රපාල මහතා පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබූ කොළඹ නගරයේ තරු  පංතියේ හෝටල් සංචාරක කර්මාන්තය සදහා ද අද (26) දිනයේ විවෘත කෙරෙන බවත් ඒ පිළිබදව තමන් වෙත දැනුවත් කර ඇති බවත් වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන්ත චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් අප කළ විමසීමකදී පැවසිය.



අදහස් (3)

කොළඹ තරු පහේ හෝටල් ඇතුළු සංචාර මණ්ඩලයේ අනුමත හෝටල්-අවන්හල් හෙට විවෘතයි

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 May 2020 10:39 AM

හැමදාම වහගෙන ඉඳලත් බැහැ. රට යථා තත්ත්වයට පත්විය යුතුයි. ඒත්, පරිස්සමින්.... වැඩේ වන කරගත්තොත්, සුනේ සුන්! ඒ ටිකත් මතකතියා ගැනීම වැදගත්...

:       131       253

VIDYA Monday, 25 May 2020 05:39 PM

කරුණාකරලා මිනිසුන්ගේ ශාරීරික උෂ්ණත්වය මැනලා ඇතුළට ගන්න. එමෙන්ම ආරක්ෂක කුටියක් තුළ අවිආයුධ, පුපුරන ද්‍රව්‍ය ඇතිද කියලා පරීක්ෂා කොට යවන්න. මෙම හෝටල්වල වෙබ් අඩවිවල සඳහන් කරන්න හෝටල්වලට එන අය පිළිපැදිය යුතු කරුණු... පිටරටවලින් එන අය මෙවැනි දැනුම්දීමක් කළාම මිනිසුන් අපගේ රට ආරක්ෂිතයි කියලා දැනුණාම බයක් නැතිව එ්වි.... එමෙන්ම කුලීරථ ඉන්න මාෆියාවෙන් සංචාරකයින් බේරාදෙන්න කටයුතු කරන්න. මේ වෙලාවේ අතරමන් වුණු විදේශ සංචාරකයින්ට අපගේ ගම්බද කාරුණික මිනිසුන් කළ සත්කාරය පිළිබඳව ඉතාම හොඳ ප්‍රතිඵලයක් සමාජගත වෙලා තියෙන්නේ.

:       0       0

de silva Monday, 25 May 2020 07:51 PM

ලංකාවට සංචාරකයෝ එන්නෙත් නැහැ.. මේ අැඳිරි නීති අස්සේ කවුද ඕවට යන්නේ? අනිත් පැත්තෙන් හැමදාම රට වහගෙන ඉඳලත් බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site