(රංජන් කස්තුරි)
වෙනත් රෝග ලක්ෂණ ඇති බව පවසා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ කොරෝනා රෝගියෙකු හේතුවෙන් එම රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
වයස්ගත රෝගියෙකු ඉකුත් සෙනසුරාදා (22) කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ඇති අතර රෝහල් කාර්ය මණ්ඩලය සමඟ වෙනත් කරුණකට බහින් බස්වීමක් සිදුව තිබේ.
එම බහින් බස්වීම සිදුව ඇත්තේ අදාළ රෝගියා ඇතුළත් කර ගැනීමට නියමිත වාට්ටුව ඉදිරිපිටදී වන අතර එහිදී රෝගියාගේ පුත්‍රයාගේ කටින් තමා ඉකුත් සතියේ විදේශරටක සිට ලංකාවට පැමිණි කතාවක් පිටවී තිබේ.
ඒ අවස්ථාව වනවිට හෙදියන් සුළු සේවකයින් ඇතුළු පිරිසක් සහ රෝගියා සේවකයින් ඇතුළු පිරිසක් සහ රෝගීන් මුලදී පරීක්ෂාකළ වෛද්‍යවරයා පැයක පමණ කාලයක් මෙම පුද්ගලයින් දෙදෙනා සමඟ විටින් විට සමීප වී සිට ඇත.
පුත්‍රයා විසින් තමා විදේශගතව පැමිණි බව ප්‍රකාශ කිරීමත් සමඟ කලබලයට පත්වූ රෝහල් කාර්ය මණ්ඩලය රෝගියා නියමිත වාට්ටුවට ඇතුළත් නොකර කොරෝනා රෝගීන් සඳහා වෙන්කළ වාට්ටුවකට ඇතුළත් කර තිබේ.
එම රෝගියාගේ සෙමපටල පරීක්ෂා කිරීමේදී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන අතර රෝගියා මේ වනවිට අංගොඩ අයි.ඩි.එච් රෝහලට මාරුකර යවා ඇත.
රෝගියා සහ ඔහුගේ පුත්‍රයා ඇසුරු කළ වෛද්‍යවරයා හෙද හෙදි හෙදියන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේ වනවිට ස්වයං නිරෝධායනයකට ලක්කර සිටිති.
2025 නොවැම්බර් මස 17
38
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ස්වයං නිරෝධායනයට