(ජේ.කේ.එල් චාමින්ද)
නෙළුව සතිපොළේ වෙළදුන් හා වෙළෙන්දියන් 11 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදි තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
නෙළුව සතිපොළේ වෙළදුන් හා වෙළෙන්දියන් 92 නෙකු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලට ලක්කළ බවද ඒ මහතා පවසයි. පිරිමි 07 දෙනෙකුට හා කාන්තාවන් 04 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇත.
නෙළුව කොරෝනා පොකුර 38 දක්වා ඉහඅළ ගොස් ඇති බවද හෙතෙම පවසයි. මීට අමතරව නෙළුව රෝහලේ කාර්යමණ්ඩල 27 දෙනෙකු පි.සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් කිසිදු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවි ඇති බවද ඒ මහතා පවසයි. නෙළුව රෝහලේ ප්‍රධාන හෙදි නිලධාරිණියට කොරෝනා ආසාදනය විමත් සමග රෝහල් කාර්යමණ්ඩලයේ 27 දෙනෙකු පි.සි ආර් පරික්ෂණවලට ලක්කරණු ලැබීය.
එමෙන්ම කොරෝනා ආසාදිතයින්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් 52 නෙකු ද පි.සි ආර් පරික්ෂනවලය ලක්කොට ඇත. ඒ අනුව පි.සි ආර් පරික්ෂණ හා ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂණ 171ක් ඉකුත් 16 වැනිදින සිදුකොට ඇති අතර එවායේ ප්‍රතිපල ඊයේ (18) රාත්‍රි ලැබුණු බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් නෙළුව සතිපොළේ 11ට කොරෝනා