IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


කොවිඩ් මරණ හෑල්ලුවට නොගන්න

(සුජිත් හේවාජුලිගේ )

දිනෙන් දින වැඩිවන කොවිඩ්  මරණ හෑල්ලුවට නොගන්නැයි   නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දැනට සිටින රෝගීන් ප්‍රමාණයට වඩා රෝගීන් සංඛ්‍යාවක් සමාජයේ සිටිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

නිවෙස් ගත කෙරුණු  කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද  සීඝ්‍ර ලෙස වැඩිවී ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ජනතාව පවතින තත්වය හෑල්ලුවට නොගත යුතු බවද පැවසුවේය.

විශේෂයෙන්ම  කොවිඩ්  එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාගැනීමට සමාජයේ යම් පසුබෑමක් පවතින බවත් එය ඉතාම නරක තත්වයක් බවත්  ඔහු ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම වයස්ගත දුර්වල පුද්ගලයන් ඉතා කඩිනමින් තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වැදගත් බව පැවසූ හේමන්ත හේරත් මහතා  කොවිඩ්  සංකූලතා සහ මරණ අඩු කිරීමට එය  පිටුබලයක් වන බවද  කීවේය.

මියයන පුද්ගලයන්ගෙන් වැඩි පිරිසක්  වයෝවෘද්ධ දුර්වල අය බවද ඔහු කීවේය.

ඔක්සිජන් ධාරිතාව සහ දැඩි සත්කාර ඒකක ඇඳන් සංඛ්‍යාව  දැනට පවතින්නේ කළමනාකරණය කරගත හැකි තත්වයේ බව පැවසූ හේරත් මහතා  රෝගීන් වැඩි වුවහොත් ඒ තත්වය  ඉතා ඉක්මනින් වෙනස් විය හැකි බවද ප්‍රකාශ කළේය.

දිනකට රෝගීන් දහසක් ඉක්මවා  ස්ථිරවම හමුවෙද්දී රෝග ලක්ෂණ නොපෙන්වන නිරෝගී පුද්ගලයන් රෝගය  රැගෙන ගොස් දුර්වල අයට ලබාදෙන බව  ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

කොවිඩ් මරණ හෑල්ලුවට නොගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 849 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1276 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site