(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 40 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (5) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1696 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ අතරින් එකක් ඊයේ (5) වාර්තා වී ඇති අතර සෙසු ඒවා මැයි 21 සිට ජූනි 4 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
කාන්තාවන් 17 ක් සහ පිරිමි අය 23 දෙනෙක් මිය ගිය අය අතර වෙති.
මින් එක් නව දෙනකු නිවසේදී මියගොස් ඇති අතර හය දෙනකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.
හසලක, මාවනැල්ල, එරාවූර්, කුරුණෑගල, ගාල්ල, හාලිඇල, බටපොල, දික්ඔය, දං ගෙදර, ඉමදූව, අටකලම්පන්න, කැලණිය, යක්කල, කින්නියා, කොළඹ 10, මග්ගොන, හික්කඩුව, මැණික්හින්න, බලංගොඩ, මඩකලපුව, පොල්ගම්පොළ, දොඩම්ගොඩ, නුවරඑළිය, මස්කෙළිය, බොගවන්තලාව,මහනුවර, ගලගෙදර, කොළඹ 9, මතුගම, බේරුවල, කළුතර සහ නුගේගොඩ යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොවිඩ් මරණ තවත් 40ක්
Akila Sunday, 06 June 2021 10:15 AM
මිනිස්සු ගොඩක් බෙහෙත් ගන්න විදිහක් නැතිව නිවසේදීම මැරෙනවා, අැයි මේ...?