IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොල්කටා නුවර සිට තවත් සිසුන් 125 ක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල )
 
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 125 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද(30)  දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1188 දරන එම ගුවන් යානය ඉන්දියාවේ කොල්කටා ගුවන් තොටුපළෙන්  පිටත්වී තිබූ අතර , එම ගුවන් යානය සවස 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්වනු ලැබීය .
 
මෙම සිසුන් පිරිස ගුවන් යානය තුළත් දුරස්ථභාවය රැකෙන අයුරින් අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් යානයෙන් පිටතටත් එකිනෙකා පිටුපසින් , පේලියට , සීරුවට ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් විසින් බස්සවා ගැනීම ද සිදු කෙරුණි .
 
ඉන්පසුව මෙම සිසුන් සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු ද විශබීජ හරණය කිරීමට ලක් කළ අතර , ඊට පසුව ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කර බැලීම ද සිදු කෙරුණි .

පසුව මෙම සිසුන් ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් , ඔවුන්ගේ බස් රථ වලින් ,ඔවුන් විසින් පවත්වා ගෙන යනු ලබන නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි .


 



අදහස් (6)

කොල්කටා නුවර සිට තවත් සිසුන් 125 ක් කටුනායකට

Prasad Thursday, 30 April 2020 02:17 PM

සිසුන් විතරක් ආවානම් පොඩි දරුවොත් එන්නෙ කොහොමද?

:       24       0

DayaniThursday, 30 April 2020 09:58 PM

මේ වගේ පටු විදියට හිතන හරක් තමයි බොහෝවිට කමෙන්ට්ස් දාන්නේ...

:       0       0

Prasad Thursday, 30 April 2020 02:22 PM

රට ඉන්න මිනිස්සු ගෙනාවට කොළඹ ඉන්න. මිනිස්සු මාතරට යවන්න වැඩ පිළිවෙළක් නැහැ...

:       0       76

Upul Thursday, 30 April 2020 03:54 PM

ගුවන් යානයේ පසුපස ආසන තිබියදී ඇයි මේ අය එකලඟ ඉඳගන සිටින්නේ?

:       0       56

de silva Friday, 01 May 2020 03:27 AM

අරාබි කරයේ අතරමන්වෙලා ඉන්න ශ්‍රී ලංකික ශ්‍රමිකයන් ගෙන්වන්නේ කවදද ?

:       0       0

Siri Friday, 01 May 2020 06:41 AM

මමනම් කියන්නේ මේ ළමයි ( එහෙම හිටියනම් මීට වඩා ආරක්ෂාවයි. අපරාදේ මහජන සල්ලි.

:       194       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 34 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site