(සුමතිපාල දීයගහගේ සහ ජේ කේ එල් චාමින්ද)
ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන් 8දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බව පී සී ආර් පරීක්ෂණ මගින් තහවුරුවී ඇතැයි කරාපිටිය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි.
පසුගිය 18 සහ 19 යන දිනවල නිවාඩු ලබා තම නිවෙස්වලට මෙම සෙබළුන් පැමිණ සිටින විට වැලිසර කදවුරේ සෙබළුන් පිරිසකට කොරෝනා ආසාදනයවී ඇති බව තහවුරුවීමෙන් පසුව මෙම සෙබළුන් අටදෙනා පරීක්ෂණ සදහා කරාපිටිය ශීක්ෂණ රෝහලේ කොරෝනා විශේෂ ප්‍රතිකාර ඒකකයට ඊයේ (24) ඇතුලු කරනු ලැබීය.
රෝහලේදී මෙම සෙබළුන්ගේ පී සී ආර් පරික්ෂණ පවත්වන ලද අතර එහිදී අනාවරනයවී ඇත්තේ මොවුන් කොරෝනා
ආසාදතයින් නොවන බවය.
මෙම සෙබළුන් අටදෙනා අහංගම මීගහගොඩ හික්කඩුව නාරිගම ගාල්ල දඩල්ල අම්බලන්ගොඩ කන්දෙගොඩ නෙලුව මැදගම සහ රත්ගම යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කරාපිටියට ඇතුළු කළ නාවික සෙබළුන් ආසාදිතයින් නොවේ
Wasantha jayasingha Saturday, 25 April 2020 04:49 AM
තෙරුවන් සරණයි සියලු දරුවන්ට....