IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා වැළඳුණු පාසල් දැරියක මිය යයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ‘කොරෝනා’ වයිරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) මියගිය බව එම රෝහලේ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නැමැති සිසුවියෙකි.

මෙම සිසුවිය පසුගිය 28 වැනිදා පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුරු වී මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකට අුැතුළත්ව ප්‍රතිකාර බමින් සිටියදී මියගියේය යැයි පවුලේ ඥාාතියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මෙම සිසුවියට ‘කොරෝනා’ වයිරසය ආසාදනය වී ඇති බව ඊට අදාල කළ පරීක්‍ෂණවලින් තහවුරු වී ඇතැයි වෛද්‍යවරයෙක් කීය.

 



අදහස් (9)

කොරෝනා වැළඳුණු පාසල් දැරියක මිය යයි

sampath Sunday, 30 January 2022 10:56 PM

ඉස්කෝල ටික ඇරගෙන වාර විභාග ගිය තියා ඉන්නකෝ, සරසවි වහලා මොන්ටිසෝරි ඇරගෙන...

:       5       5

මහජනතාව Monday, 31 January 2022 07:18 AM

ගම්පහ නගරයේ තරඟයට සංගීත සංදර්ශන සහ කානිවල්, ඒ මදිවට ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් දමන මිනිස්සු රැස්කර ගන්නවා.. කිසිම සෞඛ්‍ය මාර්ගෝපදේශයක් ගැන නොසිතා... අනේමන්දා මේ වගේ වසංගතයක් වේලාවකවත් තියෙන වෙලාවේත් මඩිය තදකර ගන්න මනේ මේ කවුරුත් උත්සාහය...

:       1       14

Udhuli Monday, 31 January 2022 08:00 AM

දුව ඔයාට නිවන්සුව ලැබේවා.

:       0       17

Karunarathna - Gampola Monday, 31 January 2022 09:19 AM

දියණියනි, ඔයාගේ භව ගමන නිමවේවා...! ඉතා ඉක්මණින් භව දුක අවබෝධ කරගෙන, අජරාමර නිර්වාණයට පත්වේවා..!!!

:       0       24

saman sigera Monday, 31 January 2022 10:06 AM

"වෛද්‍යවරයෙක්"... නමක්, ගමක් නැද්ද? බොරු පුවතක් එහෙනම්. කොරෝනා නෙවෙයි, වෙන මොනවා හරි වෙලා ඇති... පොලිස් පරීක්ෂණ අවශ්‍යයි.

:       15       7

fairoos Monday, 31 January 2022 12:28 PM

අපි තමයි හොඳටම කරලා තියෙන්නේ... සර් පම්පෝරි විතරයි.. ඊළඟ අවුරුදු 3ත් කොරෝනා හින්දා හොඳට කරන්න බැරිවුණා.

:       11       9

Prabha Monday, 31 January 2022 03:05 PM

මම ගිය සතියේ කෝවිඩ් හැදිලා සුව වුණේ. මගේ හාමිනේට තාම සුවයක් නෑ. මම ඉන්න රටේ දොස්තරලා කිව්වේ එන්නත් 2 අරගෙන තිබුණු නිසා ජීවිතය බේරුණා කියලා. ලංකාවේ මිනිස්සුන්ගේ හැසිරීම නම් බිංදුවයි.. ආරක්ෂා වෙන්න.. ඒ විඳපු දුක තව කෙනෙක්ට විඳින්න නොලැබේවා...!!!

:       1       10

NuwanMonday, 31 January 2022 05:39 PM

ඒ රටේ ඉතින් වෛ්‍යෛවරු කියන ඒවා අහනවා ඇති. ලංකාවේ ඉතින් කවුරු හරි කියන එකක් අහලා එන්නත ගන්නේ නෑ...

:       1       2

amara Monday, 31 January 2022 06:18 PM

පුංචි දරුවන්ව රැස් කරනවා... ස' ඒ ළමයින්ට කිසිම එන්නතක් නෑ.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31176 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13334 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site