IMG-LOGO

කොරෝනා වයිරසයේ මුල සොයාගැනීමේ ඕනෑම උත්සාහයකට චීනය විවෘතයි

නව කොරෝනා වයිරසයේ මූලාශ්‍රය සොයාගැනීම සඳහා ගන්නා ඕනෑම ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයකට චීනය විවෘත යැයි එරට විදේශ අමාත්‍ය වැන්ග් යී අද (24) පැවැසීය.
 
ජාත්‍යන්තර සහයෝගීතාව ඇතිව නව කොරෝනා වයිරසයේ හඳුනාගැනීම සඳහා කෙරෙන ඕනෑම විමර්ශනයකට චීනය සහාය දෙන බව ද හෙතෙම කීය.

කෙසේ නමුත් එම ඕනෑම විමර්ශනයක් ‘‘දේශපාලන මැදිහත්වීම්වලින්’’ තොරව සිදුවිය යුතු යැයි ද ඔහු කීය.
 
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
 
වයිරසයේ ආරම්භය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු නිර්මාණය කරමින් චීනයේ කීර්තිනාමයට හානි කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇතැම් දේශපාලනඥයන් උත්සාහ කරන බව ද චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
 
ඒ.එෆ්.පී.
 
055



අදහස් (4)

කොරෝනා වයිරසයේ මුල සොයාගැනීමේ ඕනෑම උත්සාහයකට චීනය විවෘතයි

Ruwan Sunday, 24 May 2020 05:02 PM

දැන් ඉතින් චීනය ඔක්කොම සාක්ෂි විනාශ කරලා ඇති.

:       32       109

සමිත සේනක අලුත්ගමගේ. Monday, 25 May 2020 01:41 AM

එසේනම් ඇමෙරිකාවට හැකිනම් චීනයට කරන චෝදනා සහ එම තොරතුරු ප්‍රසිද්ධියේ ඔප්පු කරලා පෙන්වන්න කියා අභියෝග කරන්න. ඇයි එහෙම නොකරන්නේ ? ලෝකෙට ඇත්ත හෙළිවී චීනාගේ රෙදි ගැලවෙන නිසා. අප ඇමරිකන් ගැත්තන් නොවෙයි.චීන ගැත්තන් විය යුතුද නැහැ.අපට ඕනෑ නියම සත්‍ය දැනගන්නයි.ලොව විනාශ කළ මේ මාරාන්තික වයිරසය කව්රුන් හෝ නිපදවුවාද නැද්ද යන්න දැන ගන්නයි.

:       50       142

Koralage Monday, 25 May 2020 03:08 AM

ලෝකයේ කිසිම මනුෂ්‍ය වර්ගයක් නොකන වවුලන්, බල්ලන්, නයි, පොළොංගු එකී නොකී කටට ලංකරන්න බැරි දහ ජරා සුප් බිල මස් කාලා.. ලෝකෙටම මේ කොරෝන වසංගතය බෝකරලා දැන් එනවා කොරෝනා වයිරසයේ මුල සොයන්න ලෝකෙට කියන්න. ඔය බොරු පාට් නැතුව මේ ලෝකේ රටවල ලක්ස ගණන් මිනිස්සු මරලා... කෝටි ගණන් ලෙඩ කළාට හැම රටකටම නැති කරපු ජිවිත වලට චීනෙන් වන්දි ඉල්ලන්න තියෙන්නේ. මේ කරපු දෙය මහපොළොව උහුලන මොනතරම් අපරාධයක්ද?

:       0       211

rambo02 Monday, 25 May 2020 05:31 AM

ඇමෙරිකා එක්සත් ජනපදයේ දැන් ඡන්දය ලඟාවෙමින් තියනවා. ඉතින් කාට හරි මොනබාල්දියක් හරි පෙරලලා, ඡන්දය දිනාගන්න තමයි ඔය දඟලන්නේ.. මේකට අපි සිංග්ලිෂ් වලින් කියන්නේ දේශපාලනය කියලයි...

:       123       78

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 112 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 377 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site