(ඩබ්ලිව්.ඒ. අසේල)
මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කළ ගලහ ලෙවලන් වත්ත මනිකට්ටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඇයට කරන ලද පී.සී.ආර්. පරීක්ෂණය අනුව අද දින (7) තහවුරු වී ඇත.
එම කම්හලේ සේවය කළ තවත් තරුණියක්ද සමග පසුගිය දිනක ඇය තම ගම් ප්‍රදේශයට පැමිණ ඇති අතර ගලහ දක්වා බස් රථයකින් පැමිණ එතැන් සිට ත්‍රී රෝද රථයකින් ඔවුන්ගේ නිවෙස් වලට ගොස් ඇත.
එක් තරුණියකට කොවිඩ් රෝගයේ මූලික ලක්ෂණ පහළ වූ බැවින් දෙදෙනාම ඊයේ (6) දින මහනුවර මහ රෝහලේදී පි.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ අතර එක් තරුණියකට වෛරසය ආසාදනය වී නොමැති බවත් අනෙක් තරුණියට වෛරසය ආසාදනය වී ඇති බවටත් පරීක්ෂණවලදී තහවුරු වී ඇත.
ඇය ගමන් කළ බස් රථය හා ත්‍රී රෝද රථය ගලහ පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර ත්‍රී රෝද රථයේ රියදුරු නිරෝධායනයට යොමු කොට ඇති අතර ඇය භාණ්ඩ මිලදී ගැනීමට ගිය ගලහ නගරයේ වෙළඳ සැලක්ද මේ වන විට වසා දමා එම ව්‍යාපාරිකයාද නිරෝධායනයට ලක්කොට ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා වයිරසය ගලහටත් යයි