(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 43ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1527 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ අතරින් එකක් අද(1) දිනයේත් සෙසු ඒවා මැයි 20 සිට 31 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
මින් හත් දෙනකු නිවසේදී මියගිය අය වේ.
හෙම්මාතගම, පානදුර, බුත්පිටිය, දෙවලපල, කොළඹ 15, නිට්ටඹුව, ඉරක්කම්, නාරම්මල, පමුණුගම, හීනටියංගල, දිවිතුර, වක්වැල්ල, ගාල්ල, කොච්චිකඩේ, සීදුව, මහකිත්ගම, කොළඹ 05, මාතලේ, හොරණ, උස්සාපිටිය, මහරගම, ලුණුවිල, නොච්චියාගම, අනුරාධපුර, දිවුලපිටිය, දෙහිවල, මාලමුල්ල බටහිර, හබරුගල, කළුතර, බද්දේගම, කොටුගොඩ, වත්තල, ඩෙල්ෆ් - යාපනය, වැලිකඩ බන්ධනාගාර රෝහල, රුවන්වැල්ල, යටියන්තොට, කොළඹ 07, ඇල්පිටිය යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා මරණ 1500 සිමාව පසු කරයි