(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 48 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (4) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1656 ක් දක්වා ඉහළ ගියේය.
මෙම මරණ මැයි 11 සිට ජූනි 3 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.
කාන්තාවන් 23 ක් සහ පිරිමි අය 25 දෙනෙක් මිය ගිය අය අතර වෙති.
මින් එක් 18 දෙනකු නිවසේදී මියගොස් ඇති අතර එක් අයකු රෝහල් ගත කරන අවස්ථාව වන විට මියගොස් සිට ඇත.
බොගවන්තලාව, මස්කෙලිය, මුදුන්ගොඩ, කොළඹ 13, කොලොන්නාව, කළුතර උතුර, මතුගම, කිරිමැටිය, මහනුවර, නාවාන, රදාවාන, රාජගිරිය, කොළඹ 10, තිහාරිය, අත්තනගල්ල, වැලිඔය, රාගම, යටවත්ත, ජල්තර, නුවරඑළිය, ගල්පාත, තුන්මෝදර, පස්යාල, ගල්ගමුව, මෙගොඩවැව, ගල්නෑව, හොරවිල, අවිස්සාවේල්ල, පුපුරැස්ස, තෝරයාය, මැල්සිරිපුර, අවුලේගම, කුරුණෑගල්, ඉඳුල්ගොඩකන්ද, නාරම්මල, පොල්ගහවෙල, මොරගොල්ලාගම, අලව්ව, බණ්ඩාරකොස්වත්ත, බදුල්ල, හඟුරන්කෙත, පයාගල, බේරුවල, කිරිමැටියාව යන ප්‍රදේශවලින් මෙම මරණ වාර්තා වී ඇත.
මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා මරණ වාර්තාව යළි අලුත් වේ
තිලක් Saturday, 05 June 2021 03:45 AM
අපිට තේරුම් ගිය හැටියට, විශේෂඥ වෛද්‍ය ප්‍රකාශ අනුව ඒ වෙලාවේ කටයුතු කළා නම් මෙතරම් විපතක් නොවනු ඇත..
chandima Saturday, 05 June 2021 08:43 AM
ඒපාර මොකද සීමාව පන්නපු කතාව නවත්තලා වාර්තාව අලුත් වුණා කියන්න ගත්තේ...!!! සීමා බන්ධන ඉවත් කළාද?