(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල මාගාල්ලේ පදිංචි වෘත්තීය පුහුණු අධිකාරියේ මාතර කාර්යාලයේ ප්‍රධාන නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමගම වෘත්තීය පුහුණු අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පිහිටි ටැල්බට් ටවුම පළමුවන පටුමගේ ව්‍යාපාරිකයෝ පිරිසක් සිය වෙළඳසැල් වසා දැමීමට කටයුතු කළහ.
ඔවුන් මෙලෙස නොසන්සුන් වී තිබුණේ ගාල්ල වෘත්තීය පුහුණු අධිකාරියේ වායුසමන යන්ත්‍ර අලුත්වැඩියා කිරීම සඳහා එම නිලධාරියාගේ සමීපතමයකු පැමිණ ඇතැයි ලැබුණු තොරතුරක් හේතුවෙනි. අද (23) උදෑසන ගාල්ල වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලයේ භාණ්ඩ වෙන්දේසියක් ද පැවැත්වුණු අතර ඒ සඳහා 100කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. වෘත්තීය පුහූණු අධිකාරිය ඉදිරිපිට වෙළෙඳ සැල් 10ක් පමණ වසා දැමූ එම ව්‍යාපාරිකයෝ වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලය විෂබීජහරණය කරන ලෙසත් වෙන්දේසිය නවතා දමන ලෙසත් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයට පැමිණිලි කළහ.
එම පැමිණිල්ලට අනුව මහජන පරීක්ෂකවරු මෙම ස්ථානයට පැමිණෙන විට අදාල වෙන්දේසිය අවසාන වෙමින් තිබූ අතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කාර්යාලයේ නිලධාරීන් කියා සිටියේ වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කරමින් සිටි ආසාදිත නිලධාරියා ගාල්ලේ කාර්යාලයට පැමිණ නැති බවයි. ඔහුගේ සමීපතමයන් සම්බන්ධයෙන් අනාවරණය වන තොරතුරු අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද එතෙක් සෞඛ්‍ය උපදෙස් අනුව ක්‍රියාකරන ලෙස උපදෙස් දී ඇති බව ද ඔහු කියා සිටියේය.
මාතර වෘත්තීය පුහුණු අධිකාරී කාර්යාලයේ සේවය කරන මාගාල්ල පදිංචි ඒම නිලධාරියා පසුගිය දිනක උගුරේ ශල්‍යකර්මයක් සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ අවස්ථාවේදී කරන ලද පීසීආර් පරීක්ෂණයකට අනුව ඔහු ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත. එම වාර්තාව ලැබී ඇත්තේ ඊයේ (22) රාත්‍රියේය. මේ වනවිට ඔහුගේ ආශ්‍රිතන් සොයා නිරෝධායන කටයුතු සඳහා යොමුකරමින් සිටින බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප්රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) ප
කොරෝනා බියෙන් ගාල්ලේ ව්‍යාපාරිකයෝ කඩ වහති