(තිලකරත්න දිසානායක)
කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (12) උදෑසන වනවිට ආසාදිතයින් 55,747 දෙනෙකු හමුව ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 අතුරින් 5,809 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව දෙවන රැල්ලේ ආසාදිතයින් හමුවීම බියගම කොට්ඨාසයෙන් -- 5611 ක්, වත්තල - 5190 ක්, මිනුවන්ගොඩ - 4338 ක්, ගම්පහ - 3933 ක්, කැලණිය - 3921 ක්, අත්තනගල්ල - 3896 ක්, දොම්පෙ - 3844ක්, සීදූව - 3545 ක්, දිවුලපිටිය - 3237 ක්, මීරිගම - 3170 ක්, ජාඇල - 2801 ක්, මීගමුව - 2266 ක්, කටාන - 2201 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් 1985 දෙනෙකු වශයෙන් සිදුව ඇති බව වෙබ් අඩවියෙහි සදහන්ය.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 359 දෙනෙකු හමුව ඇති අතර එම කාලය තුල ආසාදිතයින් 222 දෙනෙකු දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 12 කට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත. සැක සහිත රෝගීන් 53 දෙනෙකු රෝහල් ගත කොට ඇත.
පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 42 කු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් - 36 ක්, බියගමින් - 3 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව තිදෙනෙකු වශයෙනි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,918 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් පුද්ගලයින් 3,21,636 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය.
2025 නොවැම්බර් මස 17
38
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා දෙවැනි රැල්ලේ අද වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 55,747 ක්