IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා ගැන සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පැතිරවූ දෙදෙනෙක් අත්අඩංගුවට

(ඩයනා උදයංගනී )

කොරෝනා වයිරසය පැතිරයාම සම්බන්ධයෙන් අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිර වූ දෙදෙනෙක් අද (16) අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොරෝනා වයිරසය ආසාදනය වූ තිදෙනෙක් මියගිය බවට අසත්‍ය ප්‍රචාරයක් පළ කළ නිමින්ද ප්‍රියදර්ශන නැමැත්තෙක් බණ්ඩාරගම දී අද අලුයම 4.30 ට පමණත් දුෂ්මන්ත අමිල නැමැත්තෙක් රාගමදී පෙරවරු 11.00 ට පමණත් අත්අඩංගුවට ගත් බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 ඔවුන් දෙදෙනාගෙන් අයෙක් රූපලාවණ්‍යගාරයකත් අනෙක් පුද්ගලයා ත්‍රීරෝද රථ රියදුරෙක් ලෙසත් සේවය කරන බවද අජිත් රෝහණ මහතා කීවේය.

මෙම දෙදෙනා සම්බන්ධයෙන් පරිගණක අපරාධ පනත යටතේ මෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගත හැකි බව කී අජිත් රෝහණ මහතා ඔවුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියේය.


නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (7)

කොරෝනා ගැන සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පැතිරවූ දෙදෙනෙක් අත්අඩංගුවට

සංජීව Monday, 16 March 2020 10:46 AM

පුදුම දක්ෂ කාර්යක්ෂම පොලිසියක්නේ... ලංකාවට තියෙන්නේ. ඒවා නම් ක්ෂණික සොයාගන්නවා. අර ලෝක ප්‍රසිද්ධ රවි කරුණානායකව හොයාගන්න බැරිවුණා දවස් දහයක් ගිහිල්ලත්. දැන් ඉතින් කොරෝනා මඩින එක පැත්තකින් තියලා මේ ගොල්ලන්ව හොයහොයා ඉඳියි. හොයලා, හිරේ දාලා අපේ සල්ලිවලින් ⁣කන්න බොන්න දීලා තියාගන්නකෝ...

:       20       176

කපුරුහාමි Monday, 16 March 2020 10:51 AM

අපේ අයත් හරියට සමහරක් දේශපාලුවන් වගේ... කෙන්ද කන්ද කරන්න දක්ෂයි...

:       0       4

Ajantha Monday, 16 March 2020 10:57 AM

මේ අයව යවන්න ඕනේ නිරෝධායන මධ්‍යස්ථානවල වැසිකිළි හෝදන්න. මොලේ කළඳක් නැහැ.

:       1       8

kamal Monday, 16 March 2020 11:02 AM

රවී සිව්රෝද රථ හිමියෙක් නිසයි සොයාගන්න අපහසු වුනේ... එයා ත්‍රිරෝද රථ රියැදුරෙක් වුණා නම් මෙලහකටත් අපේ නීතියේ සැරතෙල් පත්තු ගාන්න පෙන්නන්න තිබුණා...

:       8       4

Chathuri Monday, 16 March 2020 11:06 AM

පාස්කු ප්‍රහාරය වෙලාවේ පොහොට්ටුවේ කට්ටිය බලය ගන්න කියපු කරපු දේවල් අමතකද? ඒවාවල ප්‍රතිඵල මේ වෙනසට තියෙන්නේ බලයක් නැතිකම විතරයි.

:       7       3

විපරමාMonday, 16 March 2020 12:47 PM

ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා හිතාගෙන 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා නම් තවත් මොන කතාද?

:       0       1

Raveendra Monday, 16 March 2020 11:24 AM

පළමුව අප ශ්‍රී ලංකා පොලිසියට අපගේ ප්‍රණාමය පුදකරනවා. මේවගේ කටකතා පතුරවන නිවට දියබරියන්ව ඉතාම කෙටිකාලයකදී අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙන්ම මෙම කාලකන්නින්ට උපරිම දඬුවම් ලබාදිය යුතුය යන්න අපගේ අදහසයි. කරුණාකර එම දියබරියන්ගේ සියලුම විස්තර මෙන්ම ඡායාරූපද පුවත්පත්වල පළකරන මෙන් ඉල්ලා සිටින්නෙමු... දෙවනුම අපගේ එම පොලිසියටම අපගේ ඉතාම බලවත් අප්‍රසාදය පලකරනවා මේ "තුන් ලෝකෙටම හොඳම මුදල් ඇමති වුණු තක්කඩි රවීව" සොයාගැනීමට නොහැකිවීම පිළිබඳව... අපට විශාල සැකයක් මතුවී තිබෙනවා.. රවී ග්‍රහයා මිනිස්සුන්ට" නොපෙනී සිටීමට මොකක් හෝ තෙලක් මුළු ශරීරයේම ආලේප " කළාද යන්න. එසේත් නැත්නම්" ග්‍රීස් යකා "චරිතය රඟපෑවාදෝ යන්නද සැකයකි. සාමාන්‍ය පුරවැසියන් වන අපට නිරීක්ෂණය වුණු එය ලංකාවේ පොලිසියට නිරීක්ෂණය නොවුනේ මන්ද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31319 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13529 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site