IMG-LOGO

කොරෝනා එන්නත ඕස්ට්‍රේලියානුවන්ට නොමිලේ

ඕස්ට්‍රේලියාව නිෂ්පාදනය කරන කොරෝනා එන්නත එරට මිලියන 25ක් පමණ වන සම්පූර්ණ ජනතාවටම නොමිලේ ලබා දීමට තීරණය කර ඇති බව අගමැති ස්කොට් මොරිසන් මහතා පවසයි.  

මෙම එන්නත ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රොසෙනෙකා ඖෂධ සමාගම විසින් නිපදවනු ලැබේ.

කොරෝනා එන්නතෙහි සායනික අත්හදා බැලීම් සාර්ථක වුවහොත් සෑම ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුටම එන්නත ලබාගත හැකි බව අගමැතිවරයා පවසයි.

ලබන වසර මුලදී එන්නත ලබාගත හැකියැයි තමා විශ්වාස කරන බවද එන්නත ලබාගැනීම අනිවාර්ය වනු ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඕස්ට්‍රේලියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 23,989ක් වාර්තා වී ඇති අතර මරණ 450ක් සිදුවී තිබේ. රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙනි.

ආසාදන වැඩිවීම හේතුවෙන් මේ මාසය මුලදී වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ අතර දැඩි අගුලු දැමීමේ පියවර පැනවීය.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

කොරෝනා එන්නත ඕස්ට්‍රේලියානුවන්ට නොමිලේ

නිම්මි සිතාරා Sunday, 30 August 2020 11:27 AM

හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 167 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 480 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site