IMG-LOGO

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ ඇතුළු 2 ක් රිමාන්ඩ්

ශ්‍රී ලංකා  ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දුයවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ජූනි 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද(26) නියෝග කර තිබේ.

මැයි 23 වැනිදා මෙම ක්‍රීඩකයා සන්තකයේ හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 තබාගැනීමේ චෝදනාවට පන්නල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහුගේ මිතුරා සතුව හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 800 ක් ප්‍රමාණයක් තිබියදී සොයාගෙන තිබිණි.

 



අදහස් (11)

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ ඇතුළු 2 ක් රිමාන්ඩ්

Pradeep Tuesday, 26 May 2020 08:07 AM

මෙවන් අයට නැවත ක්‍රීඩාවට එක්විය නොහැකි පරිදි සදහටම තරග තහනමක් පැනවිය යුතුයි. අනිත් අයවත් හැදෙයි එතකොට. අනිත් රටවල්වල බොහොමයක් ක්‍රීඩකයින් මේ කාලයේ ගෙවල්වල ඉඳගෙනත් තමන්ගේ ෆිට්නස් තියාගන්න ව්‍යායාම කරනවා. ඔන්න අපේ අයගේ හැටි..

:       33       50

RaveendraTuesday, 26 May 2020 12:51 PM

සහතික ඇත්ත. මේ නියම ක්‍රීඩකයන් යයි කෙනෙකු සිතනවා නම් එය විහිළුවකි. මෙවන් නිවට ක්‍රීඩකයන් අනාගතයේදී මුදල් වෙනුවෙන් තාරග පාවාදීමද පහසුවෙන්ම කරනු ඇත. උපරිම දඬුවම් ලැබේවා... නැවත කිසිදින ජාතික කණ්ඩායමට මෙවන් තිරිසනුන්ට ක්‍රීඩාකිරීම කිසිඳු අවස්ථාවක් නොදීමද බලධාරීන්ගේ වගකීමකි. මෙම අදහස් ජාතික සිටින සහ ජාතික කණ්ඩායමට අැතුලුවීමට මග බලාසිටින සියලුම ක්‍රීඩකයින්ට කියවීමට හැකිවේවා .!! ක්‍රීඩා ලෝලීන් හුරේ දාන්නේ, හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ අත්පොලසන් දෙන්නේ කාලකන්නි කුඩුකාරයින්ට හෝ කුඩුවලට සම්බන්දධ කිසිම බල්ලෙකුට නොවෙන බැවින් තමන්ව මෙලොවට බිහිකළ ඒ තමන්ගේ "ආදරණිය මෑණියන්ට හෙන ගහන්න ඕනේ යන ජරා ප්‍රාර්ථනාව අහිංසක ක්‍රීඩා ලෝලීන්ගෙන් "ලබා නොගැනීමට " වැඩ කටයුතු කරන මෙන් ඉල්ලා සිටින්නෙමු.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 08:15 AM

සිනමා කලා ක්ෂේත්‍රයේ ගෞරවයට හානි කළා වගේ... මොහු ක්‍රීඩා ක්ෂේත්‍රයේ වටිනාකමට හානිකළා. ඒත්, නීතිය කොයිකාටත් එකයි. නීතිය තදින් ක්‍රියාත්මක විය යුතුයි. ඒත්, කාලෙකදී මේ රටේ මිනිසුන් මොහුට ඡන්දෙ දෙන්නත් බැරි නැහැ... ඒක මේ රටේ හැටි. එහෙම අය අපේ පාර්ලිමේන්තුවේ...

:       40       239

ලංකා Tuesday, 26 May 2020 08:49 AM

මෙවන් දක්ෂ ක්‍රීඩකයන් රිමාන්ඩ් කළවිට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩනැගිය හැක්කේ කෙසේද?

:       4       91

RaveendraTuesday, 26 May 2020 01:17 PM

දක්ෂ ක්‍රීඩකයන් මෙවන් හිඟන තුට්ටුදෙකේ වැඩකරයිද යන්න ගැටළුවක් නොවේද? එමෙන්ම මොනතරම් දක්ෂ ක්‍රීඩකයෙක් වුවත් රටේ නීතියට ගරුකළ යුතුයි යන්න අමුතුවෙන් කිව යුතුද නැත. එබැවින් මේ පුද්ගලයා සදහටම ක්‍රීඩාවෙන් ඈත් කළ යුතුමයි.

:       0       9

PradeepTuesday, 26 May 2020 03:25 PM

ඕනෑම රටක ජනප්‍රිය පුද්ගලයින් අනෙකුත් අයට වඩා සමාජයේ කතාබහට ලක්වෙනවා. ඒ නිසා ඔවුන් තමන්ගේ ජනප්‍රිය බව රැකගැනීම සඳහා විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. අනිත් කාරණාව මතට ඇබ්බැහි වූ කිසිදු ක්‍රීඩකයෙකු තමන්ගේ හැකියාවන් වැඩිදියුණු කරගන්නවා තබා පවතින මට්ටමින් වත් තබා ගන්නේ නෑ. දිනෙන් දිනම හැකියාවන් පහළ යනවා මිසක්... ක්‍රීඩා තරඟයකින් පසුවත් බොහෝ විට අපේ වත්මන් ක්‍රීඩකයින් යන්නේ ක්ලබ්වලට... නමුත් අනිකුත් රටවල බොහෝ ක්‍රීඩකයින් යන්නේ තමන්ගේ ගෙදරට හෝ ජිම් එකට. හොඳම උදාහරණය විරාට් කෝලි. අපේ අයගේ ක්‍රීඩා හැකියාවන් දිනෙන් දිනම පිරිහෙද්දී ලොව අනිකුත් කණ්ඩායම් ඉදිරියට යන්නේ ඒකයි. ඉස්සර අපේ ක්‍රීඩකයින්ගේ තිබුණු විනය දැන් කෝ..? මේවගේ අයට කිසිම සමාවක් නොදිය යුතුයි.

:       0       0

ajith rathnayaka Tuesday, 26 May 2020 08:51 AM

මේවගේ අය ඉන්නකම් ඉතින් තරග දිනයිද? කුඩුටික ගහල එයා විනෝදෙ ගන්නවා.. අපි සල්ලිදිලා ටිකට් අරන් පැයගණන් වේලිලා, හුරේ දාලා, කට්ට කාලා යනවා... අනාගතය කෙබඳු වේවිද?

:       0       14

Prabha Tuesday, 26 May 2020 09:05 AM

වැරැද්දක් කළා නම් කළ වැරැද්ද තේරුම් අරන් නීතියෙන් දඬුවම් විඳලා නැවත හොඳ මනුස්සයෙක් වෙන්න බලන්න.

:       16       34

Mahesh Tuesday, 26 May 2020 09:23 AM

කෝකටත් මේ ගැන ඉහළ නිලධාරීන් සොයලා බලන්න. අර සේයා දැරිවියගේ සිදුවීම වෙලාවේ පොලීසියේ හැසිරීම වගේ දෙයක් වගේ කියලත් හිතෙනවා. ඉරිසියාවට හෝ තරහට දැම්මා වෙන්නත් පුලුවන්. සොයලා බලන්න..

:       18       20

madush Tuesday, 26 May 2020 10:43 AM

මාකඳුරේ මධූෂ් කියලා කෙනෙක් ගැන අහලා තියෙනවද? මතක තියෙනවාද? නිකමට වගේ ඇහුවේ.. සමහර අයට තරහ යන්නත් පුළුවන්...

:       0       8

de silva Tuesday, 26 May 2020 11:12 AM

රටේ ප්‍රචලිත මහා පරිමාණ සූදු ව්‍යාපාරිකයින් සහ ඔවුන්ගේ ඉත්තෝ ක්‍රිකට් පරිපාලනය කරනකොට, කුඩුකාරයන් ක්‍රිකට් ගහනකොට ලංකාවේ ක්‍රිකට් වලපල්ලට යන එක පුදුමයක් නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site