IMG-LOGO

කඳුකර කොටියෙක් අදත් මන්දකට හසු වෙයි

(රංජිත් රාජපක්ෂ )            

තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කඳුකර කොටියෙකු අද  (24) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
 
හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල වත්තේ මෙසේ කදුකර කොටියා මන්දකට හසු වි ඇති බව වනජිවි නිලධාරින් කියා සිටියේය.
 
තේ වත්තේ සැරිසරන වල් ඌරන් දඩයම් කිරිම සදහා කිසියම් පිරිසක් විසින් තේ වත්තේ ගසක අටවන ලද මන්දකට කදුකර කොටියා (23) දින රාත්‍රියේ හසු වි ඇති බවත්, තේ වත්තේ කොටියෙකුගේ ගොරවන හඩ ඇසි වතු කම්කරුවන් එ පිලිබදව හැටන් පොලිසියට සහ නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දි ඇත.
 
වනජිවි නිර්වින්දන පශුවෛද්‍යයවරයෙකුගේ සහයෝගය ලබාගෙන මන්දට හසු වි සිටින කදුකර කොටියා මුදා ගැනිමට කටයුතු කරන බව වනජිවි නිලධාරින් කියා සිටියේය.
 
ඉකුත් සතියේ මස්කෙලිය ගාඩ්මොර් තේ වත්තේ තම්බතැන්න කොටසේ මෙවැනිම කොටියෙකු මන්දකට හසු වි සිටියදි වනජිවි නිලධාරින් විසින් කොටියා මන්දෙන් මුදාගෙන වැඩි දුර ප්‍රතිකාර රණ්දෙණිගල වනජිවි පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන යන අවස්තාවේ මිය ගොස් තිබුණි.

සබැඳි - කඳුකර කොටියෙක් අදත් මන්දකට හසු වෙයි



අදහස් (0)

කඳුකර කොටියෙක් අදත් මන්දකට හසු වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 710 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site