ඉන්දිකා රාමනායක
පුනානි සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල දින 14ක කාලයක් පුරා නිරෝධායනය වු තවත් 219 ක පිරිසක් අද (25) පෙරවරුවේ සිය නිවෙස් බලා පිටත් වු බව හමුදාව පවසයි.
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 162 සහ කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 57 ක් වශයෙන් මෙම පිරිස සිටි බව උසස් හමුදා නිලධාරියෙක් පැවසීය.
දකුණු කොරියාවෙන් සහ ඉතාලියෙන් පැමිණි මෙම පිරිස ඉකුත් (11) වෙනි දින නිරෝධාන කටයුතු සඳහා පුනානි සහ කන්දකාඩු වෙත යොමුකර තිබිණි.
හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ අධික්ෂණය හා උපදෙස් මත නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් විශේෂඥ වෛද්‍ය ශවේන් සේමගේ මහතා ඇතුළු කාර්ය කාර්ය 75 කට අධික කාර්ය මණ්ඩලයක් වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළහ.
මෙම පිරිස දින 14 ක කාලයක් නිරෝධායනය වීමෙන් අනතුරුව ඊයේ පෙරවරුවේ හමුදා බස් රථ මගින් ඔවුන් නිවෙස් බලා යොමු කළ බව යුද හමුදාව සඳහන් කරයි
මෙම පිරිස සමග කන්දල්කාඩු හා පුනානි නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කළ 28 දෙනතු කොරෝනා ආසාදිත වී තවමත් රෝහල් ගතකර ඇත.
(ඡායාරූප - ක.ග කරුණාරත්න)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කන්දකාඩු-පුනානි නිරෝධායනය වු 219 නිවෙස් බලා යති