(රංජිත් රාජපක්ෂ )
කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු නව අසාදිතයන් 25 දෙනෙකු අද (05) හදුනාගත් බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.සුදර්ශන් මහතා පැවසිය.
අසාදිතයන් අතර තලවකැලේ සෙන් ක්ලෙයාර් වතු යායේ වතු කාර්යාලයේ ප්‍රධාන ලිපිකරුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති නිසා එම කාර්යාලය තාවකාලිකව (05) දින වසා දමා එම කාර්යාලයේ සේවය කරන ලිපිකරුවන් 07 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
තම කාර්යාලය මගින් පෙර අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 119 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවත්, එම පිරිසගෙන් 25 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
සෙසු අසාදිතයන් කොටගල යෙදන්සයිඩ් , ලොග්ගිල් , යුනිෆිල්ඩ් , පතන සහ රොසිටා යන වතු වල පදිංචි අය බවත්, එම අසාදිතයන් අතර එකම පවුලේ අසාදිතයන් විශාල පිරිසක් සිටින බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේය.
අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමටත්, නව අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොටගලින් ආසාදිතයින් 25 ක්