( කීර්ති ප්‍රනාන්දු)
ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ආරාධිතයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් කොරෝනා වෛරසය ආසාදිතයන් බවට වාර්තා වී ඇතැයි කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
එහි උසස් සෞඛ්‍ය නිලධාරියෙකු පැවසුවේ ඉකුත් 18 වැනිදා කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උත්සව ශාලාවක මෙම විවාහ මංගල්‍ය උත්සවය පවත්වා ඇති බවයි.
මෙසේ කොවිඩ් ආසාදිත බවට වාර්තා වන රෝගීන් ගෙන් 30 දෙනකු මේ වන විට හඳුනාගෙන ඇති බවත් අනෙක් පිරිස් ඔවුන්ගේ නිවෙස් ද වසා දමා සෞඛ්‍ය නිලධාරීන්ට මගහැර ගොස් ඇතැයි සෞඛ්‍ය නිළධාරින් පවසයි.
මෙම විවාහ මංගල උත්සවයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට මේ වන විට හඳුනාගෙන ඇති පුද්ගලයන්ගෙන් ලද තොරතුරු වලට අනුව මෙම විවාහ මංගල සාදයේදී මත්පැන් පානය කරමින් නර්තන පීඨිකාව මත නර්තනයේ යෙදුණු පිරිසක් විවාහ මංගල උත්සවය පසු වී දින කීපයකින් කොරෝනා ආසාදිතයන් ලෙස පළමුවෙන්ම තහවුරු වී ඇතැයි හදුනාගෙන තිබිණි.
විවාහ මංගල සාදයට සහභාගි වීමෙන් පසු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් කටාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බවත් අනෙක් ආසාදිතයන් පිළිබඳ සොයා බැලීමේ කටයුතු මා ජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආරම්භ කර ඇති බව ද කාටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල උසස් නිලධාරියකු පැවැසීය.
2025 නොවැම්බර් මස 17
16
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
863
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොච්චිකඩේ මංගල සාදයක 100 කට කොරෝනා
Siri Thursday, 27 January 2022 08:47 AM
මේ උත්සවයට කොවිඩ් ඇමැති ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහභාගි වෙලා නැතිද? (මම නිකමට අහන්නේ එයත් කටානේ නිසා...)