IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


කොග්ගල වෙළදකලාපෙන් තවත් අසාදිතයින් 14 ක්

(සිරංගිකා ලොකුකරවිට)

වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවිකාවක් වාර්තා වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හළෙන් තවත් ආසාදිතයන් 14 දෙනකු වාර්තා වී ඇතැයි ‍සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේවුවද මෙම ආසාදිතයන් 14 දෙනාට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇත්දැයි තහවුරුවී නොමැති බවද ඔවුහු පවසති.

ආසාදිත වූ අය‍ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු ආශ්‍රිතයන් සියළු දෙනා නිරෝධායයට යොමුකර ඇති අතර කර්මාන්තශාලාවේ සියලුම දෙනාට දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස දැනුම් දී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් කොටසකට පමණක් කොරෝනා එන්නත ලැබී තිබේ.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වී ඇතැයි හඳුනාගත් තරුණිය රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකාරියකි. ඇගේ පවුලේ සියලු දෙනා නිරෝධායනයට යොමුකර සිටින බවත් නිරෝධානය අවසන් වූ පසු පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

 



අදහස් (0)

කොග්ගල වෙළදකලාපෙන් තවත් අසාදිතයින් 14 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 52 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 881 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site