ඕමානයේ අගනගරය ද අයත් මස්කට් පරිපාලන ප්‍රදේශයේ ලොක්ඩවුන් සීමා ඉවත් කිරීමට එරට බලධාරීහු තීරණය කර ඇත.
මේ අනුව සිකුරාදා (29) සිට මස්කැට් අගනුවර ද අයත්, මස්කැට් පරිපාලන ප්‍රදේශයේ ලොක්ඩවුන් සීමා ලිහිල් කෙරෙනු ඇත.
නව කොරෝනා වයිරසය හේතුවෙන් අප්‍රේල් 10 වැනිදා සිට මස්කැට් පරිපාලන ප්‍රදේශයට සම්පූර්ණයෙන් වසා දමා තිබිණි.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා ඕමානය ‘සුප්‍රීම් කමිටි’ යනුවෙන් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කළ අතර එම කමිටුව අදාළ තීරණය ගෙන ඇත.
ඊට අමතරව මැයි 31 වැනිදා සිට රජයේ කාර්යාලවල කටයුතු ආරම්භ කරන්නැයි ඕමාන ආණ්ඩුව උපදෙස් දී ඇති අතර කන්තෝරුවලට ගෙන්වා ඇත්තේ කාර්යමණ්ඩලයේ සිටින සමස්ත සේවක සංඛ්‍යාවෙන් 50%ක් යැයි ද නියෝග කර ඇත.
ඕමානයෙන් අද (27) පස්වරු 5.30 වනවිට කොරෝනා ආසාදිතයන් 8,373 දෙනකු හඳුනාගෙන තිබූ අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ ගණන 38කි.
අල්ජසීරා
055
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඕමානයත් සීමා ලිහිල් කරයි