ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් බිමන් ලබන මාසයේදී ආරම්භ කිරීමට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (27) ප්‍රකාශ කළාය.
ලබන මාසය වනවිට හෝ රටවල් දෙක අතර සංචාරක හා ගමන් බිමන් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වනවිට ඒ සඳහා සැලැසුම් සකස් කරමින් සිටින බවත ඇය කීවාය.
‘පුළුවන් තරම් ඉක්මනින් රටවල් දෙක අතර ගමන් බිමන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. රටවල් දෙකම මේ සූදානමින් සිටිනවා. දැනටමත් අපි සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා සැලැසුම් සකස් වෙනවා’’ යැයි මාධ්‍යවේදීන් අමතමින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කීවාය.
‘සංචාරක බුබුළක්’ නිර්මාණය කිරීමට දෙරටේ නායකයන්ගේ අවධානය යොමු වී ඇත. ඒ අනුව අනිවාර්ය දින 14ක කොරෝනා වයිරසය නිරෝධායනය ක්‍රියාවලියට යොමු නොවීම රටවල් දෙක අතර සංචාරය කිරීමටත් ගමන් බිමන්වල යෙදීමත් ඔස්ට්‍රේලියානුවන්ට සහ නවසීලන්ත වැසියන්ට අවස්ථාව උදා වේ.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තියත් සමඟ අන්තර්ජාතික සංචාරක හා ගමන් බිමන් කටයුතු සියල්ල ඇණ හිටිණි. එහෙත් ඒවා නැවත ආරම්භ කිරීම සඳහා ‘සංචාරක බුබුළු’ නිර්මාණය කිරීමට ලෝක නායකයෝ පියවර ගත්හ.
‘සංචාර බුබුළු’ යනු නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටවල් දෙක අතර සිදුවන සංචලන ක්‍රියාකාරකම් ය. ඒ අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමු නොවී ඒ ඒ රටවල් දෙක අතර මුහුදින්, ගොඩබිමෙන් හෝ ගුවනින් ගමන් කිරීමට දෙරටේ වැසියන්ට අවස්ථාව උදා වේ.
ද ගාඩියන්/රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔස්ට්‍රේලියාව - නවසීලන්තය අතර ගමන් ලබන මාසයේදී
eresh S kumara Wednesday, 27 May 2020 10:23 AM
පාලනය කරන්න පුළුවන් ඕනිම දෙයක් කළාට කම් නැත..