IMG-LOGO

උණ-කැස්ස සහිත සැක රෝගියකු දෙනියායෙන් කරාපිටියට

(එස් .ඩි.කොඩිකාර )

සැක සහිත කැස්ස , උණ සහිත  රෝගියකු අද (24) දෙනියාය මුලික රෝහලේ සිට ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් අන්දවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගිලන් රථයකින් මාරු කර යැවූ බව දෙනියාය රෝහල් ආරංචි මාර්ග  සඳහන් කරයි .

යුද හමුදා වෛද්‍ය බළකායේ සේවය කරන ඔහු (30) හැවිරිදි දෙනියාය ,ගින්නදීගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව සෞඛ්‍ය අංශ පවසයි.

අද (24) පෙරවරවේ උණට සහ කැස්සට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දෙනියාය මුලික රෝහලට  මෙම හමුදා සෙබලා පැමිණ ඇති අතර පසුව  බාහිර රෝගී අංශයේ ප්‍රතිකාර කරන  වෛද්‍යවරයකු පරික්ෂා කිරීමෙන් අනතුරුව එම රෝගියා කරාපිටිය රෝහලට මාරුකර  යවන ලෙස උපදෙස් ලබා දී ඇත.

කෙසේ වෙතත් කොටපොළ ප්‍රාදේශීය සභාව,කොටපොළ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලය එක්ව අදාළ හමුදා සෙබලා  වාසය කර නිවස සහ ඒ අවට ප්‍රදේශ විෂබීජහරණය සිදු කල බව කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා පැවසීය . 



අදහස් (0)

උණ-කැස්ස සහිත සැක රෝගියකු දෙනියායෙන් කරාපිටියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 97 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 60 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 445 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site