(අජන්ත කුමාර අගලකඩ)
අවශ්‍ය තරම් ඉන්ධන තොග රට තුළ තිබෙන බැවින් ජනතාව ඉන්ධන හිඟයක් ගැන අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැතැයි ඛණීජ තෙල් සංස්ථාවේ සභාපති නිතීඥ සුමිත් විජේසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
දිවයින පුරා සෑම ඉන්ධන පිරවුම්හලකටම අවශ්‍ය ඉන්ධන තොග බෙදා හැර ඇතැයි කී සභාපතිවරයා සෑම ඉන්ධන පිරවුම්හලකම නිතරම අවම ඉන්ධන තොගයක් පවත්වාගෙන යන ලෙසට ද උපදෙස් දී ඇතැයි ද කීවේය.
සංස්ථාව සතු ගබඩාවල දින 25කට අවශ්‍ය ඉන්ධන තොග පවතින බවත්, තවත් ඉන්ධන නැව් කිහිපයක්ම ඉදිරි දින කිහිපයේදී දිවයිනට පැමිණෙන බවත් ඔහු සඳහන් කළේය.
ඇදිරිනීතිය පනවා තිබුණද, අවම සේවක පිරිසක් ගෙන්වා තෙල් පිරිපහදු කිරීමේ හා බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව කරගෙන යන බවද නිතීඥ සුමිත් විජේසිංහ මහතා කීවේය.
තමා සපුගස්කන්ද තෙල් පිරිපහදුවටත්, කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයටත් අද (23) ගොස් එහි කටයුතු සොයා බැලී බවද හෙතෙම කීවේය.
2025 නොවැම්බර් මස 17
32
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘ඉන්ධන හිඟයක් ගැන අනවශ්‍ය බියක් එපා‘