IMG-LOGO

ඉන්දීය ජනාධිපති සිටින වතුයායේ අයකුටත් කොරෝනා

ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ට්‍රපති බවන්හි පිරිසුදු කිරීමේ සේවකයකුගේ ඥාතියකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති තහවුරු වීමත් සමඟ පවුල් 100 වැඩි ගණනක් නිරෝධායනයට යොමු කර ඇත.

එම පවුල් ජීවත් වන නිවාස පිහිටා ඇත්තේ ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන ‘රාෂ්ට්‍රපති බවන්’ පිහිටි වතුයායේ ය.
 
ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත් වන කොටසට මෙම තත්ත්වයෙන් කිසිදු බලපෑමක් වී නැතැයි ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
 
ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ කාර්යමණ්ඩලයේ කිසිවකුට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බවත් රජයේ ආරක්ෂිත උපදෙස් අනුව ඉහත පියවර ගත් බවත් ජනාධිපති මන්දිරය නිකුත් කළ නිල නිවේදනයක දැක්විණි.
 

කෙසේ නමුත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයකුගේ පවුලේ සාමාජිකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර එම රෝගියා අප්‍රේල් 13 වැනිදා මියගිය බව නිල නිවේදනයේ දැක්විණි.
 
ආරක්ෂිත වෛද්‍ය උපදෙස් අනුව අදාළ සේවකයාගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනා නිරෝධායන ක්‍රියාවලියට යොමු කර ඇත. කොරෝනා වයිරසයෙන් මියගිය රෝගියා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයා සබඳතා පවත්වා ඇතැයි ද අනාවරණය වී ඇත.
 
ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයා මෙන්ම අනෙකුත් පවුල්වල සාමාජිකයන්ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කර බලා ඇති අතර ඔවුන් කිසිවකුටත් වයිරසය ආසාදනය වී නැතැයි වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
 
කෙසේ නමුත් රජයේ සහ වෛද්‍ය උපදෙස් අනුව ජනාධිපති වතුයායේ පවුල් 115ක ගමනාගමන කටයුතු සියල්ල සීමා කර ඔවුන් නිරෝධායනයට ලක් කර ඇතැයි වාර්තා විය.
 
ද හින්දු  
 
055

 



අදහස් (0)

ඉන්දීය ජනාධිපති සිටින වතුයායේ අයකුටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 492 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 659 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site