
ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 95ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සුවය ලැබූ ගණන ලක්ෂ 89ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (4) නිවේදනය කළේය.
ඒ අනුව ඉන්දියාවේ සුවය ලැබූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ප්‍රතිශතය 94%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අවසන් පැය 24 දී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 36,604ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 94,99,413ක් දක්වා ඉහළ ගියේය. ඉන්දියාවෙන් අවසන් පැය 24දී වයිරස ආසාදිත මරණ 501ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් වාර්තා වන වයිරස අසාදිත මරණ ගණන 1,38,122ක් දක්වා ඉහළ ගියේය.
ඉන්දියාවේ නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 89,32,647ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර ඒ අනුව එරට වයිරස ආසාදනය වී සුවය ලබන්නන්ගේ ප්‍රතිශතය සියයට 94.03ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දියාවේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ අනුපාතය සියයට 4.51කි.
ඉන්දියාවේ රෝහල්වල ප්‍රතිකාර ලබන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂ පහට අඩු මට්ටමක පවතින අතර රෝහල්වල ප්‍රතිකාර ලබන වයිරස ආසාදිත රෝගීන්ගේ ගණන ලක්ෂ පහ අඩු අගයක අඛණ්ඩව පැවැති 22 වැනි දිනය මෙය වේ.
ඉන්දියාවේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට අනුව මේ වනවිට කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 14,24,45,949කි. ඉන්දියාව දෙසැම්බර් 1 වැනිදා පමණක් කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 10,96,651කි.
(ටයිම්ස් ඔෆ් ඉන්දියා)
055
2025 නොවැම්බර් මස 04
709
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2376
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 95 දක්වා ඉහළට