IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඉන්දියාවේ කෝටි 130 ක් නිවෙස්වල

කොරෝනා වයිරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ඉන්දියාව සිය රටේ බිලියන 1.3ක ජනතාවක් සම්පූර්ණයෙන් හුදකලා කිරීමට ලක්කර තිබේ.
 

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම නියෝගය දින 21ක් දක්වා බලපැවැත්වේ. 
 
සම්බන්දව අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා සිටියේ " ඔබේ නිවෙස් වලින් පිටතට යෑම සම්පූර්ණයෙන් තහනම්, සෑම ඉන්දියානුවෙකුම බේරා ගැනීම අවශ්‍යව තිබෙනවා. ඉදිරි දින 21ක කළමණාකරනය කිරීමට අපොහොසත් වුවහොත් ඉන්දියාව වසර 21කින් පසුබසිනු ඇති", බවයි.

හුදකලා කිරීම සිදුවුවද ඉන්දියාවේ වෙළඳසැල්, බැංකු සහ ඉන්ධන පිරවුම්හල් විවෘතව පවතින බව සඳහන් වන අතර අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ බටහිර රටවල මෙන් කලබල වී නිවෙස් වල ආහාර ද්‍රව්‍ය ගොඩගසා ගැනීම අවශ්‍ය නොවන බවයි.
අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම සහතික කිරීම සඳහා මධ්‍යම හා ප්‍රාන්ත රජය විසින් සියලු පියවර ගෙන ඇති බවද මෝදි මහතා පැවසී ය.
 
කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් ලොවපුරා හුදකලා කර ඇති බිලියන 2.6ක ජනතාවගෙන් අඩක් ඉන්දියාවේ වන බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
ඉන්දියාවෙන් මේවනවිට කොරෝනා වයිරස ආසාදිත මරණ 10ක් සහ රෝගීන් 482ක් වාර්තා වී තිබේ.
 
සමහර පර්යේෂකයන් අනතුරු අඟවා ඇත්තේ මැයි මස මැද භාගය වනවිට ඉන්දියාවේ මිලියනයකට අධික පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වියහැකි බවයි.
 
කෙසේවුවද සමහර යුරෝපීය රටවල් හා සසඳන විට වර්ථමානයේ ඉන්දියාවේ කිරීටක වෛරසයේ පැතිරීම අවම බවද සඳහන් වේ.
 
( 085)

 



අදහස් (1)

ඉන්දියාවේ කෝටි 130 ක් නිවෙස්වල

vidya Friday, 27 March 2020 05:28 AM

තව කෝටියක් පාරේ යන්න ගිහින් පොලිසිය පොලු වලින් පහරදෙනවා. මුස්ලිම් පල්ලියෙන් එලියට එන මිනිසුන් හැමෝටම පොලු වලින් පහර දෙනවා. මගේ ශ්‍රී ලංකාවේ තියන මිනිස් ගුණ ඉන්දියාවේ නැහැ . අපේ මිනිසුන් හරිම උණුවන මිනිස්සු. එමනිසා හැමෝම ගෙදරවල් වලට වෙලා ඉඳල පොලිසියට සහයෝගය දීල, තියන දෙයක් බෙදා හදා ගෙන කාල, මෙම උවදුරෙන් ගැලවෙන්න උත්සහ කරන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 884 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site