IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අනුරාධපුරයේ වෙළදසැල් වසති

බී .ජී.චතුරංග


පසුගිය දින 4ක් තුල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථානය කිහිපයකින් කොවිඩ් 19 ආසාදිතයන් හමු වීමත් සමග, එම වයිරසය පැතිර යාම වැළැක්වීම සඳහා අනුරාධපුර නගරයේ වෙළඳ ආයතන සියල්ල දින තුනක් වසා දැමීමට තීරණය කළ බව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමය පවසයි.

ඒ අනුව අද (28 දා) සිට අනිද්දා (30) දක්වා දින තුනක් මෙසේ අනුරාධපුර නගරයේ ව්‍යාපරික ස්ථාන වසා දැමීමට අනුරාධපුර මහ නගර සභාව, එක්සත් වෙළද සංගමය, රාජ්‍ය නිලධාරීන් හා ස්වේච්ඡා සංවිධාන එකතුවෙන් ඊයේ(27දා) පැවති සාකච්ඡාවක දී තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සරත් මුණසිංහ මහතා මෙසේ පැවසීය.

මෙම බැරෑරුම් අවස්ථාවේදී, අනුරාධපුර නගරය ඉතාම අවදානම් තත්ත්වයකයි පවතින්නේ, අනුරාධපුර නගරයේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථාන 10ක් පමණ මේ වන විට නිරෝධායනට ලක් කර මුද්‍රා තබා තිබෙනවා. ඒ අනුව අනුරාධපුර එක්සත් වෙළෙඳ සංගමය අනෙකුත් ස්වේච්ඡා සංවිධාන එකතු වෙලා, නගර සභාව සමග ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය ගනු ලැබුවා, අනුරාධපුර විශාල වශයෙන් ජනතාව පැමිණීම වැළැක්විය යුතුයි කියා, එම තීන්දුවත් සමග වෙළෙඳ ආයතන ප්‍රධානීන් ස්වේච්ඡාවෙන්ම තම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට තීරණය කළා.

වෙළෙඳ ආයතන වසා දැමීමට තීරණයකලත් නගරයේ ඔසු සැල් විවෘතව පවතිනවා. රජය ලබා දීලා තියෙන සෞඛ්‍ය, ආරක්ෂක උපදෙස් පිළි පදින්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. සුළු දේකටත් නගරයට එන්නේ නැතිව, ගමේ තිබෙන වෙළඳසැල් වලින් එම අවශ්‍යතාවයත් සපුරා ගන්න කියලත් මා ජනතාවගෙන් ඉලලීමක් කර සිටිනවා.



අදහස් (1)

අනුරාධපුරයේ වෙළදසැල් වසති

සෑම් Tuesday, 28 April 2020 10:45 AM

රජය පිස්සු කෙලින විට වෙළඳ සංගම් තමුන්ම ප්‍රදේශයේ ඇතිවී ඇති අවදානම වටහාගෙන මෙසේ ක්‍රියා කිරීම ඉතාමත් කාලෝචිත මෙන්ම ආදර්ශමත් ක්‍රියාවක්. අනෙකුත් පළාත් වලද මෙවැනි ක්‍රියා මාර්ග අනුගමනය කරන්නේ නම් මැනවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 567 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 723 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site