මසක් කල් ඉක්ම වූ දේශපාලන අර්බුද සුළිය තවමත් කැරකැවෙමින් තිබේ. පෙනෙන්නට තිබෙන ආකාරයට එම තත්ත්වය දැන්ම තුරන් වන බවක් ද නොපෙනේ. සිකුරාදා පාර්ලිමේන්තුව එයට හොඳම උදාහරණයකි. මේ ආකාරයෙන් රටට තවදුරටත් ඉදිරියට යා හැකි ද යන්න සෑම පාර්ශ්වයක්ම මෙන්ම සබුද්ධික ජනයා ද ගැඹුරින් මෙනෙහි කළ යුතුය.
රටකට මාසයක් යනු කල්පයක් තරම් කාලයකි. එම කාලය තුළ රට ආපස්සට මිසක් ඉදිරියට ගියේ නැත. සෑම තැනම වැතිරී තිබෙන්නේ අවිනිශ්‍චිතභාවය පමණි. ආණ්ඩුව හා රජය අතර තිබිය යුතු පරතරය නිවැරැදිව හඳුනා නොගත් සමාජයක ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇති අර්බුදය නිසා රජය අකර්මණ්‍ය වීම බලාපොරොත්තු විය යුත්තකි. එහෙත් එසේ යැයි කියා හිස බිමට නවාගෙන නිහඬව සිටීමට සබුද්ධික ජනයාට අයිතියක් නැත.
දියුණු ශිෂ්ට සම්පන්න නවීන ලෝකයේ අවධානය යොමුකරනු ලබන්නේ ‘‘කවුද හරි?’’ යන්න දෙස නොව ‘‘කුමක්ද හරි?’’ යන්න දෙසය. එහෙත් නොදියුණු, ගෝත්‍රික ප්‍රාථමික හා වැඩවසම් සමාජ ලක්ෂණ සහිත සමාජයක් වූ ශ්‍රී ලංකාවේ අවධානය යොමු කරනු ලබන්නේ ‘‘කුමක්ද හරි?’’ යන්න දෙස නොව ‘‘කවුද හරි?’’ යන්න දෙසය. එය තවත් ගෝත්‍රික වෙමින් ‘‘මං හරි’’ ස්ථාවරයට සියල්ලෝම පැමිණ සිටිති.
‘‘මං හරි’’ ස්ථාවරයට පැමිණීමේ තාර්කික අන්තය බවට පත් වී තිබෙන්නේ තම තමන්ගේ මනසේ දිග පළලට අනුව සහ තම තමන්ගේ ආශාවට ගැළපෙන පරිදි සිදුවීම් විග්‍රහ කර ගැනීමය. අර්බුදය ලෙහා ගැනීමට ඇති සියලුම මාර්ග වැසී යන්නේ එයට යටත්වය. පාර්ලිමේන්තුව මස්පිඬු ප්‍රදර්ශනාගාරයක් බවට පත්ව තිබෙන්නේ ද එහෙයිනි.
ඕනෑම සිදුවීමක් සරලම අංශුවට කඩා විග්‍රහ කර ගත යුතුය. ඉක්ම යන මොහොතේ රටේ පැන නැඟී තිබෙන අර්බුදය විග්‍රහ කරගැනීමට ඇති එකම මාර්ගය වන්නේ රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා රටේ නීති පද්ධතියට යටත්ව අර්බුදය විග්‍රහ කරගැනීම හා වටහා ගැනීමය.
ඉක්ම යන මේ මොහොතේ සමාජයේ සෑම පුරවැසියකුම නීති විශාරදයන් බවට පත්ව ඇති සෙයකි. එය එක් අතකින් යහපත් ප්‍රවණතාවකි. එහෙත් ඇත්ත තත්ත්වය නම් රටේ සාමාන්‍ය ජනයා නීති විශාරදයන් නොවන බවය. එය පිළිගැනීමට නිහතමානී විය යුතුය. දේශපාලනඥයෝ තමන්ගේ පාක්ෂිකයා කුල්මත් වන ප්‍රමාණයට පමණක් නීති පොතේ උධෘත දක්වති.
තමන්ට ඇවැසි දේ පමණක් සිදුවිය යුතු යැයි සිතීම ද අර්බුදය තීව්‍ර කරන්නකි. තේරුම් ගත යුතුවන්නේ නීතියට අනුරූපී වන හෝ යටත් වන තීන්දුව සදාචාරයට නොගැළපෙන්නක් විය හැකි බවය. සදාචාරයට යටත්වන දෙය නීතියට අනුකූල නොවිය හැකි බවය. එමෙන්ම නීතිය යනු ශීලයක් ද නොවේ. ශීලයක්නම් එය දිවි හිමියෙන් ආරක්ෂා කළ යුතුය. එහෙත් නීතිය යනු ප්‍රායෝගික තලයේ පවතින්නකි.
නීති පද්ධතියක් රටට හඳුන්වා දී තිබෙන්නේ රටේ ගමන නිරුපද්‍රිත කිරීමටය. ජනතාවගේ යහපත, සෙතසුව පිණිසය. මනුෂ්‍ය ගරුත්වය රැකගනිමින් මිනිස් අයිතිවාසිකම් නිරුපද්‍රිතව භුක්ති විඳිමින් ජීවත් වීමටය. ඒ අරමුණට නීතිය බාධාවක් විය යුතු නැත. බාධාවක් කර ගත යුතු ද නැත.
මේ මොහොතේ අවශ්‍ය වන්නේ සදාචාර බලය ඉස්මතු කරගැනීමය. එම සදාචාර බලය ඉස්මතු කරගැනීම තුළ තමන්ට යම් භෞතිකමය අලාභයක් සිදු වූවද සදාචාර බලයෙන් ලැබෙන ලාභය අතිමහත්ය. දේශපාලනඥයන් ගුණවත් විය යුතුවන්නේ එහෙයිනි. දේශපාලනඥයා එබඳු ගුණවත් මට්ටමකට පරිවර්තනය වන්නේනම් අර්බුදය කුමක් වූවද එය පහසුවෙන් විසඳාගැනීමේ හැකියාව ලැබේ.
රට තුළ නිර්මාණය වී ඇති අර්බුදය දියවන්නාවේ ගරු කටයුතු මහත්වරුන් 225 දෙනාට සාමූහික විචාර බුද්ධියෙන් විසඳාගැනීමට නොහැකිනම් කළ යුතුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පරමාධිපත්‍යයේ බලය හිමි ජනතාව ඉදිරියට යාමය. ජනතාවගේ තීන්දුව අන්හැම තීන්දුවකටම වඩා බලවත් බව ඒකාන්ත වශයෙන්ම තහවුරු කළ, ඔප්පු කළ සත්‍ය වේ.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම
මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මන්ත්‍රීන් 225 අර්බුදය විසඳාගන්න බැරි ඇයි