තිස්සගේ මතක වත-116
2015 අගෝස්තු පාර්ලිමේන්තනු මැතිවරණය උණුසුම් අයුරින් තමයි කෙරීගෙන ගියේ. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් තමයි සන්ධානය මැතිවරණ ව්‍යාපාරය කෙරුවේ. කරට කර සටහනක් තමයි තිබුණේ. මේ මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන දේශපාලන වේදිකාවල ආවේ නෑ. ඒත් ඔහු ප්‍රසිද්ධ ප්‍රකාශ කීපයක් කළා. මහින්ද රාජපක්ෂට අවාසි වෙන විදියට.
මහින්දගේ නායකත්වයෙන් සන්ධානය දිනුවත් ඔහුට අගමැතිකම දෙන්නේ නෑ කියලා මෛත්‍රී කිව්වා. ඒක යු.එන්.පී. එකට වාසි සහගත ප්‍රකාශයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවෙලා ඉන්න ගමන් තමයි ඔහු මේ කතාව කිව්වේ.
තමන්ගෙම පක්ෂයට ඔහු මේ හරහා දෝහි වුණා. මේ මැතිවරණයේදී සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථකව කරන්න මහින්ද රාජපක්ෂ සමත් වුණා. මෛත්‍රී මොන කතා කිව්වත් ආණ්ඩුවක් පිහිටුවලා මාස ගණනකින් වුණත් යු.ඒන්.පී.ට. සහ බැංකු බැඳුම්කර සිදුවීම වගේ දේවල් හරහා ජනතා අප්‍රසාදයක් ගොඩ නැගෙමින් තිබුණා. මැතිවරණ ප්‍රතිඵලය ළඟ ළඟ තමයි ගියේ.
මැතිවරණයෙන් පස්සේ ලොකුම අර්බුදය මතු වූයේ ජාතික ලැයිස්තුවට මන්ත්‍රීවරුන් පත් කරන්න යද්දි. මෛත්‍රී දැන ගත්තා. ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ලැයිස්සතුවට මන්ත්‍රීවරු පත් කිරීම මහින්ද රාජපක්ෂගේ ඕනෑකම උඩ සිද්ධවේවි කියලා ඒ වෙද්දි සංවිධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, සුසිල් මහින්දට සමීපව වැඩ කළේ. ඒ නිසා ජාතික ලැයිස්තුව මෛත්‍රීට ඕනෑ හැටියට කර ගන්න වෙන්නේ නෑ කියලා මෛත්‍රීට තේරුම් ගියා. මේ නිසාම මෛත්‍රී කළේ සුසිල් ප්‍රේමජයන්ත සන්ධාන මහ ලේකම් කමින් අයින් කරන්න ක්‍රියා කරපු එක. මේක බොහෝ දෙනෙකුගෙ පුදුමයට හේතු වුණු තීරණයක්. උසාවි නියෝජයක් අරගෙන මෛත්‍රී සුසිල්ගේ මහ ලේකම් කම අතිහිටුවන්න ක්‍රියා කළා. අධිකරණ නියෝගයක් ගෙනල්ලා තමයි නව මහ ලේකම් විදියට මහාචාර්ය විශ්ව වර්ණපාලව පත් කළේ. මේක සූත්තර සහගත තීන්දුවක් නොවෙයි කියලා පක්ෂය ඇතුළෙම මෛත්‍රීට ලොකු අප්‍රසාදයක් ගොඩ නැගුණා. මුලින්ම උසාවි නියෝගයක් බාර නොගෙන මඟ අරිමින් ඉඳලා තමයි අන්තිමට සුසිල් ප්‍රේමජයන්තට මහ ලේකම් දුරයෙන් අයින් වෙන්න වුණේ.
මේ තීන්දුවත් එක්ක මෛත්‍රී කළේ ජාතික ලැයිස්තුවේ ඉඳපු අය වෙනුවට ඡන්දෙ ඉල්ලලා පරාජය ලබපු මන්ත්‍රීවරුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ලබා දීලා තමන්ගේ පැත්තට අර ගැනීම. ඒක එක පැත්තකින් මහජන මතයට පිටු පෑමක්. ජනතාව ඡන්දයකින් ප්‍රතික්ෂේප කරපු අය තමයි මෛත්‍රී ජාතික ලැයිස්තුවට හරහා අර ගත්තේ. අපේ දේශපාලන ඉතිහාසයේ ජාතික ලැයිස්තුවෙ ගෞරවයට විශාල වශයෙන් හානි කරපු අස්ථාවක් ලෙස මේක හඳුන්වන්න පුළුවන්. ජාතික ලැයිස්තුවෙන් පත් වෙන්න අත්‍යවශ්‍යම අය වෙනුවට පැරදිච්චි පිරිසක් ගෙනාවා.
මේ අනුව ජය ඡන්දෙත් පැරදුණු එස්.බී. දිසානායක, මහින්ද සමරසිංහ, විජිත මුණී සොයිසා, ලක්ෂ්මන් යාපා, තිලංග සුමතිපාල මේක මහජන මතයට පයින් ගැසීමක්. ඒ ලැයිස්තුවෙ මගේ නමත් තිබුණා. මටත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දිය යුතුව තිබුණා. මේ පත් කිරීමේ බලය මෛත්‍රී අතට ගන්න නිසා මගේ නම විසි කරා. මොකද මම ජනාධිපතිවරණයේ දී ඔහුට විරුද්ධ වුණානේ. මට පහර දෙන්න හොඳ අවස්ථාවක් ජාතික ලැයිස්තුව හරහා මෛත්‍රීට හම්බ වුණා.
මේ ජාතික ලැයිස්තු පත් කිරීමේ ගැන විශාල ජනතා විරෝධයක් සමාජය තුළ මතු වුණා. ජනතා මතයට පයින් ගැසීමක් වගේ වැඩක්නේ මෛත්‍රී මෙතෙන් දී කෙරුවේ.
තව කොටසක් ලබ සතියට.
ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය අන්තර්ජාලයෙනි
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්
සජිත් ප්‍රේමදාසට පමණක් නොව ප්‍රේමදාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර
‘‘ජාතියේ පියා’’ ලෙස විරුදාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක
‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘
දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක
2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මෛත්‍රී අවුල් කළ ජාතික ලැයිස්තුව