සියලූ පාර්ශ්වයන්හි කැමැත්ත ගෝඨාභයට
මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ශී්ර ලංකා පොදු ජන පෙරමුණේ සහ විපක්ෂය නියෝජනය කරන එහි සහායක දේශපාලන පක්ෂවල අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිශ්චිත වශයෙන්ම ඉදිරිපත් වන බව සන්ඬේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඔස්සේ සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීම සදහා අයදුම්පත්රයක් පසුගිය 6 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා භාර දී තිබෙන බව ද සන්ඬේ ටයිම්ස් පුවත් පත සහතික කරයි.