IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සන්නස්ගලගේ ‘අපබ්‍රංස’

 

රනිල් වික්‍රමසිංහ ලංකාවෙ නැති අතරේ තමයි අපිට තෙල් මිල වැඩි කිරීමට විරුද්ධව ලොකු උද්ඝෝෂණයක් කරන්න සිද්ධ වුණේ. පිටකොටුවේ කරපු මේ උද්ඝෝෂණය නායකතුමාත් නැති වෙලාවෙ කරපු සාර්ථක උද්ඝෝෂණයක්. මේක අපි සාම්ප්‍රදායික උද්ඝෝෂණයකට වඩා ටිකක් වෙනස් විදියට කරන්න ඕනෑ කියලා සාකච්ඡා කළා. 


මගේ මූලිකත්වයෙන් තමයි මේකෙ සංවිධාන කමිටුව ක්‍රියාත්මක වුණේ. ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ අය මේ වැඬේට මූලික වෙලා කටයුතු කළා. අපි වෙනදා වගේ සටන් පාඨ බැනර් අරගෙන පා ගමන් යන එක වෙනුවට ගොන්නු බැඳපු කරත්තවලින් මේ උද්ඝෝෂණය යන්න තීරණය කළා. කරත්ත ලබා ගන්න අපිට සහයෝගය දුන්නේ බොරැල්ල ආසන සංවිධායක ජයන්ත සිල්වා ඇතුළු මැද කොළඹ සංවිධායකයො පිරිසක්. අපි කරත්තවල නැගලා කොටුවෙ ඉඳලා මරදානට කරත්ත පෙළපාළියක් තමයි ගියේ. තෙල් මිල ඉහළ දාපු නිසා ඒකෙන් ජනතාවට සිද්ධ වෙන අමාරුකම තමයි අපි ඒකෙන් පෙන්නුවේ. 


මේ කරත්ත පෙළපාළියේදී රසවත් සිදුවීම් එහෙමත් සිද්ධ වුණා. මේ ගමනෙදී තමයි අර දෙහිවල නාගරික මන්ත්‍රීවරියක් “අපේ ගොනා අපට හොඳයි” කියලා කිව්වේ. එක ඒ දවස්වල හරියට ජනප්‍රිය වුණු කෑල්ලක්. එයාට කියන්න ඕනෑ වුණේ කරත්තය අපට හොඳයි කියන අදහස. ඒත් ඒක වෙන වෙන ආකාරයට සමාජය තුළ පැතිරිලා ගියා. 


මේ වැඬේ ඉවර වුණාට පස්සේ මේ උද්ඝෝෂණය සාර්ථක වුණා මදි කියලා දයාසිරි ජයසේකර එහෙම විවේචන ඉදිරිපත් කරන්න පටන් ගත්තා. හදිසි විරෝධතා ව්‍යාපාරයක් විදියට පක්ෂ නායකවරයත් රටේ නැති වෙලාවෙ ඒ මට්ටමෙන් කරන්න ලැබුණු එක ලොකු දෙයක්. අපිට ලොකු උද්ඝෝෂණයකට වඩා මාධ්‍ය අවධානය ලබා ගන්න සහ සංකේතාත්මක විරෝධයක් පාන්නයි ඕනෑ වුණේ. ජෝන් අමරතුංගයි මමයි තමයි ඒකෙදි එක කරත්තේ ගියේ. 


එක අතකට ඒක රසවත් අත්දැකීමක්. 
නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් පස්සේ ආවේ උතුරු මැද සහ සබරගමු පළාත් සභා මැතිවරණය. මේ පළාත් සභා දෙකටම මහ ඇමති අපේක්ෂකයෝ විදියට ජනප්‍රිය චරිත දෙකක් ඉදිරිපත් කරන්න නායකතුමාට ඕනෑකමක් තිබුණා. මේ සාකච්ඡාව යන අතරේ  ආපු එක නමක් තමයි මේජර් ජානක පෙරේරා. එතකොටත් ජානක පෙරේරා එක්සත් ජාතික පක්ෂයට ටිකක් හිතවත්ව හිටියේ. නායකතුමාට පුළුවන් වුණා ජානක පෙරේරා එක්ක මේ ගැන කතා බහ කරලා මේ වැඬේට කැමති කරවා ගන්න. ජානක යෝජනා වුණේ උතුරු මැද මහ ඇමති අපේක්ෂකත්වයට. ඒකට කිසිම කෙනෙකුගේ කිසිම විරෝධයක් ආවෙ නෑ. 


හැම දෙනාම ඉහළින්ම කැමති වුණා. 


සබරගමුව මහ ඇමති අපේක්ෂකයා විදියට මුලින් යෝජනා වුණේ උපුල් ශාන්ත සන්නස්ගල. මේකටත් පක්ෂයේ එකඟතාව හම්බ වුණා. ඒත් හිටපු ගමන් සන්නස්ගල මාධ්‍ය සාකච්ඡාවක් තියලා එයා මේකට ඉදිරිපත් වෙන්නේ නෑ කියලා ප්‍රකාශ කළා. 


එයාගේ ප්‍රකාශයත් ගොඩක් අයට අපබ්‍රංසයක් වුණා. එයා කිව්වේ “බාර ගන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ” කියලා. පස්සේ අපට ආරංචි වුණේ ආණ්ඩුව එයාට බලපෑම් කළා කියලා මේකට ඉදිරිපත් වෙන්න එපා කියලා. 


ඒ කතාවෙ ඇත්ත නැත්ත හරියටම අපි දන්නේ නෑ. ඒ වගේ කතා අපිට ආරංචි වුණා. සන්නස්ගල ඉදිරිපත් වෙන්නේ නෑ කිව්වාම ඊළඟට කවුද ඒකට දාන්නේ කියලා ප්‍රශ්නයක් ආවා. මේ අතරේ මේකට රන්ජන් රාමනායකගෙ නම යෝජනා වුණා. ඇත්තටම ඒ නම යෝජනා කළේ සුදත් චන්ද්‍රසේකර. එතකොට රනිල් වික්‍රමසිංහගේ ලේකම් තමයි සුදත් චන්ද්‍රසේකර. රන්ජන් දාලා ඡන්දෙ දිනන්න පුළුවන් වෙයිද කියන එක ගැන පක්ෂෙ ඇතුළෙත් දෙගිඩියාවක් තිබුණා. රන්ජන් ජනප්‍රිය චරිතයක් නිසා ඉදිරිපත් කරලා බලමු කියලා නායකතුමා තීරණය කළා සබරගමුවට රන්ජන්ව දාන්න.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

සන්නස්ගලගේ ‘අපබ්‍රංස’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 623 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17603 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site