IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රෝහල් 2 කින් ඇසෙන අඳෝනා ගැන බලන්නේ නැද්ද

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු මැදිරිගිරිය මූලික රෝහලට දෙන්නැයි ඉල්ලමින් ගැබිනි මවුවරුන් මැදිරිගිරිය කළගෙඩිපාලම මත පාර අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

ලෝකයේ උතුම්ම පදවිය මවු පදවිය යැයි විවාදයකින් තොරව පිළිගන්නා ලෝකයෙන්ම උතුම්ම රට ශ්‍රී ලංකාවය. ලෝකයේ උතුම්ම රටේ අම්මලාට ලෝකයේ උතුම්ම පදවිය වන මවු පදවිය ලැබීමට වඩාත් පහසුකම් සපිරි පරිසරයක් නිර්මාණය කර ගැනීම සඳහා මහ පාරට බැසීමට සිදු වී තිබේ. මෙය වූ කලී බොහෝ වගාඩම්බරයන්ගෙන් ආවරණය කරනු ලැබූ රටක ඇත්ත ඇතුළාන්තය ප්‍රදර්ශනය කිරීමකි.

රටක ඉතා සක්‍රීයව හා ප්‍රබෝධමත්ව තිබිය යුතු ක්ෂේත්‍ර අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉදිරියෙන්ම වෙයි. විශ්‍වාසයකින් යුතුව ජීවිතයට මුහුණදීමට පුරවැසියාට දිරිය බලය ලැබෙන්නේ නිරෝගීමත් සෞඛ්‍ය සේවයක් පවතින්නේ නම් පමණි. එහෙත් වාර්තාවන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ඉල්ලා මැදිරිගිරියේ ගැබිනි අම්මලාට මාර්ග අහුරා අරගල කිරීමට සිදුවී තිබෙන බවය.

අප පුවත්පත වාර්තා කළ තවත් පුවතකින් කියැවුණේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය සඳහා ප්‍රමාණවත් පරිදි වෛද්‍යවරුන් නොමැතිවීමෙන් එම එක්කයේ කටයුතු කරගෙන යාමේදී ගැටලු රැසක් පැන නඟින බවය. දක්ෂිණ ලංකාවේ අගනගරය ලෙස හැඳින්වෙන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ තත්ත්වය එපරිදි වන විට එම පළාතේ පිහිටි අනෙකුත් රෝහල්වල තත්ත්වය පිළිබඳව චිත්‍රයක් මවා ගැනීම අසීරු නැත.

ගාල්ල - කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයට වෛද්‍යවරුන් 12 දෙනකුගේ සේවය අවශ්‍ය වූවද දැනට එහි සේවය කරනු ලබන්නේ වෛද්‍යවරුන් දෙදෙනකු පමණක් බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

ශල්‍යාගාරයක් නොමැති රෝහල් කීයක් මේ රටේ තිබේද? ගිලන් රියක් නොමැති රෝහල් කීයක් මේ රටේ වේද? එම හේතුව නිසා අකාලයේ මරු වසඟයට පත් පුරවැසියන්ගේ සංඛ්‍යාව කොපමණද? ඉහත තත්ත්වය සමඟ ගළපන විට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර එ්කකයට ප්‍රමාණවත් තරමේ වෛද්‍යවරුන් නොමැතිවීමේ පුවත විශේෂත්වයක් ගෙන නොදෙන්නක් විය හැකිය. එහෙත් එසේ යැයි සිතා මෙම තත්ත්වය පහසුවෙන් අමතක කළ යුතු ද නැත.

ඉකුත් සමයේ මෙරට රෝහල් පද්ධතියේ භෞතික සංවර්ධනය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වූ බවක් පෙනේ. එය ඉතා යහපත් තත්ත්වයකි. ඒහා සමාන්තර බරින් මානව සම්පත සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුය. මැදිරිගිරිය ගැබිනි අම්මලා මහ පාරට බැස ඉල්ලා සිටින්නේ මැදිරිගිරිය මූලික රෝහලට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ලබා දෙන ලෙසය. එම රෝහලේ සේවයට පැමිණෙන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් මාසයක් පමණ සේවය කර නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන වෙනත් රෝහල්වලට මාරු වී යන බව ගැබිනි අම්මාවරුන් පවසන බව ද අප ප්‍රවෘත්තියේ සඳහන්ය.

මේ මොහොත වනවිට මැදිරිගිරිය ප්‍රදේශයේ ගැබිනි මවුවරුන් 400ක් පමණ සිටින බව වාර්තා කරන අප පුවත්පත එම අම්මාවරුන්ට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ සේවය ලබා ගැනීමට කිලෝමීටර් 35ක් පමණ දුරකතර ගෙවාගෙන පොළොන්නරුව මහ රෝහලට යාමට සිදුව ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කරයි.

ප්‍රසව වේදනාවටත් වඩා වැඩි වේදනාවක් ඉහත පරිසරය තුළ ඒ ගැබිනි අම්මලාට දැනෙනු ඇතැයි යන්න මුසාවක් නොවේ. එක් අතකින් ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කිලෝමීටර 35ක් පමණ දුරක් ගමන් කිරීමට සිදුවීම ඒ අම්මාවරුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට හිතකර නොවේ. අනික් අතට දිළිඳු මවකට ඒ වෙනුවෙන් වැය කිරීමට මහ ධන නිධානයක් ද නැත. එමෙන්ම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම තුළ ඒ අම්මාවරුන්ට තමන්ගේ ජීවිත සම්බන්ධයෙන් අවදානමක් ද දැනෙනු ඇත.

රෝහල් දෙකක තත්ත්වයෙන් රටේ සමස්ත රෝහල් පද්ධතියේම තත්ත්වය මේ යැයි දැක්වීම සාධාරණ නොවූවද සෑම රෝහලකම රෝගීන්ට බලපාන කුමන හෝ අඩුපාඩුවක් තිබෙන බව සත්‍යයකි. එහෙයින් සමස්ත සෞඛ්‍ය සේවයම එක මිටට ගෙන අඩුපාඩු සම්පූර්ණ කරන දියුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.



අදහස් (0)

රෝහල් 2 කින් ඇසෙන අඳෝනා ගැන බලන්නේ නැද්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site