IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මහින්ද මහින්ද ළඟට යයි

 

2005 ජනාධිපතිවරණයේ පරාජයත් සමග පක්‍ෂ අභ්‍යන්තරයේ ඇතිවුණු අර්බුදයේදි පක්‍ෂයේ බොහෝ දෙනා කිව්වෙ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉල්ලා අස්වෙන්න ඕනෑ කියලා. තව කණ්ඩායමක් ඒකට විරුද්ධ මතයක හිටියා. ඒ අයගෙ අදහස වුණේ රනිල් දැන්ම අයින්වෙන්න අවශ්‍ය නෑ කියලයි.

 

මේ මතගැටුම අතරෙම අදහසක් ආවා. කරු ජයසූරියට පක්‍ෂ නායකත්වය දෙන්න ඕනෑ කියලා. එතකොට සජිත් ප්‍රේමදාස ගැන කතාවක් තිබුණෙම නෑ. සජිත් මේ ප්‍රශ්නය වෙලාවේ ලොකුවට මැදිහත් වුණෙත් නෑ. ඒ අය පැත්තක හිටියෙ. 


මේ කාලය පක්‍ෂයට විශාල දුෂ්කර කාලයක් වුණා මේ තත්ත්වයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා අපි හැමදෙනාම කල්පනා කර කර හිටියේ. මේ අතරෙ මම රනිල් වික්‍රමසිංහට යෝජනා කළා අපි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගිහිල්ලා ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට ඡන්දය දුන්නු අයට ස්තුති කරන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමු කියලා. නායකතුමා ඒකට එකඟ වුණා. ඒ විදියට රට පුරා යද්දි පක්‍ෂය ඇතුළෙ අර්බුද ටිකක්  සමනය වෙයි කියලාත් මට විශ්වාසයක් තිබුණා.


මම කල්පනා කළේ අපේ පාක්‍ෂිකයින්ගෙනුත්  එල්ල වෙන්න පුළුවන් යම් විරෝධයක් තිබුණත් මේ හරහා ඒකත් අඩපණ කරලා යම් අනුකම්පාවක් ලබා ගන්න පුළුවන් කියලා.


මේ කතාබහ යන අතරේ අපිත් එක්ක ඉඳපු මහින්ද සමරසිංහ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට එකතු වුණා. මට මතක විදියට එයාට ලැබුණෙ ආපදා කළමණාකරණ ඇමතිකම. මහින්ද සමරසිංහ ආණ්ඩුවට එකතුවෙන්න කලින් එයා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක විදියටත් වැඩ කළා. මහින්ද සමරසිංහ තමන් ආණ්ඩුවට එකතු වෙන්න තීරණය කළා කියලා එයා රනිල් වික්‍රමසිංහ හමුවෙලා කියලා තියෙනවා. එයා රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කරලා තමයි ආණ්ඩුවට එකතු වුණේ. මේ සිදුවීමත් එක්සත් ජාතික පක්‍ෂයට යම් පහරක් වුණා.


මහින්ද සමරසිංහ ආණ්ඩුවට එකතු වෙලා සුමානෙකට විතර පස්සේ කතාවක් පැතිරුණා කෙහෙළිය රඹුක්වැල්ලත් ආණ්ඩුවට එකතු වෙන්න යනවා කියලා. අපි මේ ගැන හොයා බැලුවා. එයා එක එක කතා කිය කියා ඉඳලා කොහොම හරි අන්තිමට එයත් මහින්ද රාජපක්‍ෂ ළඟට ගියා. එයාටත් ඇමතිකමක් ලැබුණා. මේවත් එක්ක පක්‍ෂ අභ්‍යන්තරයේ ගැටුම්  එහෙමත් ටික ටික උත්සන්න වුණා. කණ්ඩායමක් කරු ජයසූරියලගෙ ගෙදර වෙනම රැස්වෙලා සාකච්ඡා පවත්වනවා. මේ අතරෙ අපි රටපුරා රැස්වීම් තබමින් යනවා. කරූලගෙ කණ්ඩායම ඒ රට පුරා යන රැස්වීම්වලට එන්නෙ නෑ. ඒ අය වෙනම කණ්ඩායමක් විදියට කටයුතු කෙරුවා. කරු ජයසූරියගෙ ගෙදර එකතු වෙන කණ්ඩායම ආණ්ඩුවට එකතු වෙන්න යනවා කියලා තමයි අපිට ආරංචි වුණේ. ඔය කණ්ඩායමේ හිටියෙ රාජිත සේනාරත්න, එස්. බී. දිසානායක, මිලින්ද මොරගොඩ, ලක්‍ෂ්මන් යාපා, ධර්මදාස බණ්ඩාර. ජී. එල්. පීරිස්, ගාමිණි ලොකුගේ, බන්දුල ගුණවර්ධන, එඞ්වඞ් ගුණසේකර, නවීන් දිසානායක, හේම කුමාර නානායක්කාර වගේ 17 දෙනෙක්. මේ කණ්ඩායමේ රංජිත් මද්දුම බණ්ඩාර එහෙමත් හිටියා. එයා ඇමතිකමක් බාරගන්න පවා හිටියා. ඒත් අන්තිම මොහොතේ රංජිත් මේ කණ්ඩායමෙන් ඉවත් වුණා. ජයලත් ජයවර්ධනත් ඒ වගේම දෙයක් කළේ. එයත් කරුලා එක්ක ඉඳලා අන්තිමට රනිල් ළඟම නැවතුනා. මේ 17 දෙනාගෙ කණ්ඩායමේ රුක්මන් සේනානායකත් හිටියා. රුක්මනුත් අන්තිමට ඒකෙන් අයින් වුණා. රුක්මන් ආණ්ඩුවට එකතුවෙන්න බෑ කියලා රනිල්ගෙ පැත්තටම ආපසු ආවා.


මේ හැම දෙයක් මැද්දෙම අපි අපේ වාර්ෂික සමුළුව සංවිධානය කරන්න පටන්ගත්තා.
වාර්ෂික සමුළුවට කලින් මම යෝජනා කරපු විදියට අපි දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය රවුම ගිහිල්ලා ආවා. මේ වෙද්දිත් කරු ඇතුළු පිරිස වෙනම කණ්ඩායමක් විදියට ඉන්නේ ආණ්ඩුවට යන සූදානමක් තිබුණාට ඒ වෙනතුරුත් ආණ්ඩුවට එකතු වුණේ නෑ.


තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මහින්ද මහින්ද ළඟට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site