IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මහින්ද මංගල ගැටුම ඇරැඹෙයි

 

මහින්ද රාජපක්ෂගේ 2005 මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රබලයෝ දෙන්නෙක් විදියට තමයි කටයුතු කළේ. මංගල සමරවීර සහ ශ්‍රීපති සූරියආරච්චි. පක්ෂෙ ගොඩක් අය මහින්දට සහාය නොදෙන පසුබිමක මංගල - ශ්‍රීපති වගේ කීප දෙනෙක් තමයි ඒ ඡන්දෙට කර තියලා මහින්දට උදවු කළේ. චන්ද්‍රිකා කුමාරතුංග පවා මහින්දගේ ඡන්ද ව්‍යාපාරයට කෙළින්ම සහයෝගය දුන්නෙ නෑ. ඒ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළා වගේම ඔහු මැතිවරණ කාලයේ ඔහු සමඟ ඉදපු සමීප කීපදෙනෙකුට ජයග්‍රහණයෙන් පස්සේ ලබාදෙන දේවල් පිළිබදව පොරොන්දුත් වෙලා තිබුණා. විශේෂයෙන්ම මංගල සමරවීරට ඇමතිකමකට එහා ගිය බලවත් තනතුරක් දීම ගැන යම් එකඟතාවක් තිබුණා වෙන්න පුළුවන්. මංගල එවැනි බලාපොරොත්තුවකින් ඉඳපු බව අපිට දැනගන්න ලැබිලා තිබුණා. ශ්‍රීපති සූරියආරච්චිත් කැබිනට් ඇමතිකමක් බලාපොරොත්තු වුණා.


මහින්දගෙ ජයග්‍රහණයෙන් පස්සේ ඔහු මංගල සමරවීරට නම් සැලකිය යුතු තනතුරු ලබා දුන්නා. මංගල බලාපොරොත්තු වෙලා ඉදපු විදේශ කටයුතු අමාත්‍යංශය වගේම වරාය ඇමතිකමක් ලබා දුන්නා. නමුත් ශ්‍රීපති සූරියආරච්චිට ලැබුණේ රාජ්‍ය ඇමතිකමක් විතරයි. ඒ වගේම අනුර බණ්ඩාරනායකට පවා ලැබුණේ නොදී බැරිකමට දෙනවා වගේ සංස්කෘතික කටයුතු ඇමතිකම. පොඩි කාලේ ඉදලා සමීප මිත්‍රයෝ විදියට ඉදපු මහින්ද අනුරට මේ වගේ අඩු සැලකිල්ලක් දක්වයි කියලා අනුරත් හිතන්න නැතුව ඇති. මැතිවරණ ව්‍යාපාරයේදී අනුර මහින්දගෙන් දුරස්වීම නිසා තමයි අනුරට මේ වගේ අඩු සැලකිල්ලක් ලැබුණේ. බැලූ බැල්මට පේන්නේ මේක එකට එක කිරීමක් විදියට.


මේ විදියට ටික දවසක් ගියාට පස්සේ මංගල සමරවීරට තිබුණු එක් අමාත්‍යංශයක් මහින්ද ජනාධිපති අයින් කළා. මේ හරහා තමයි මහින්ද - මංගල ගැටුම උත්සන්න වෙන්න පටන් ගත්තේ. මේ පක්ෂෙ ඇතු​ළේ මහින්ද විරෝධී සටනක් මතුවුණා. යම් පිරිසක් මේකට සම්බන්ධවෙලා හිටියත් මංගල, ශ්‍රීපති, අනුර තුන්දෙනා තමයි මේකට මූලිකත්වය ගත්තේ. අනුර බණ්ඩාරනායකත් මේ වෙද්දි හිටියේ මහින්ද රාජපක්ෂ එක්ක ගොඩක් අමනාපයෙන් පාර්ලිමේන්තුවෙදි එහෙම මුණගැහුනම අනුර මහින්ද නිර්දය විදියට විවේචනය කළා. ශ්‍රීපතිටත් ඒ වගේම කලකිරීමක් තමයි තිබුණේ.


මේ ආරවුල පක්ෂය ඇතුළේ දිගින් දිගටම යද්දි මහින්ද රාජපක්ෂ එකපාරටම කළේ මංගල සමරවීරයි, ශ්‍රීපති සූරියආරච්චියි, අනුර බණ්ඩාරනායකයි තුන්දෙනාම ඇමතිකම්වලින් ඉවත් කරන එක. මේ හරහා ගැටුම තීරණාත්මක තැනකට ආවා.


මේ තුන්දෙනාම එළියට ඇවිත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහජන පාර්ශ්වය කියලා වෙනම දේශපාලන සංධානයක් හැදුවා. මේ දේශපාලන සන්ධානය හදලා ඔවුන් එකතු වුණේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක. හැබැයි අනුර බණ්ඩාරනායක මේ සන්ධානයට සෘජුවම සම්බන්ධ වුණේ නෑ. මේ අතරෙ අලෙවි මව්ලානා වගේ අයගෙ සම්බන්ධීකරණයෙන් අනුර බණ්ඩාරනායකට නැවත සංස්කෘතික කටයුතු ඇමතිකම ලබා දුන්නා. ඒ වෙද්දි අනුර තරමක රෝගී තත්ත්වයෙන් හිටියේ.


මංගලයි, ශ්‍රීපතියි ඉවත් කරපු දවසෙ රනිල් වික්‍රමසිංහයි, ලක්ෂ්මන් සෙනෙවිරත්නයි මමයි හිටියේ දඹුල්ලෙ.


අපි පොළොන්නරුවෙ තිබුණු පක්ෂ සංවිධාන කටයුත්තකට යමින් හිටියේ. රනිල් එතකොට හිටියේ කණ්ඩලම හෝටලේ. අපි හිටියේ වෙන තැනක. රනිල් මට කතා කරලා කිව්වා ඉක්මනට එයා ඉන්න තැනට ඇවිත් මුණ ගැහෙන්න කියල. මමයි ලක්ෂ්මන් සෙනෙවිරත්නයි රනිල්ව හමුවෙන්න කණ්ඩලම හෝටලේට ගියා. එවෙලෙම අපි සාකච්ඡා කළා මංගලලා එක්ක අලු‍ත් දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒ අනුව තමයි මංගලයි, ශ්‍රීපතියි මූලිකවෙලා එක්සත් ජාතික පක්ෂය එක්ක එකඟතාවකට ආවේ එකට වැඩ කරමු කියලා.


තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (1)

මහින්ද මංගල ගැටුම ඇරැඹෙයි

manil Wednesday, 05 July 2017 03:26 AM

ඉස්සර නායකයෝ තමන්ගේ ගොඩ ලොකු කරගන්න බැලුවේ නැහැ. ජනතාවට සේවය කලා තමන් සතු දේවලුත් පූජා කරලා. එකට දැන් නායකයෝ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 206 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site