IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මහින්දට එරෙහිව පක්‍ෂයෙන්ම චෝදනා

 

2005 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපතිවරණ ප්‍රකාශක විදියට කටයුතු කළේ මම. ඒක නිල වශයෙන් කරපු පත්කිරීමක්. ඒ වැඩෙත් එක්ක තමයි මම මාධ්‍ය එක්ක ගොඩක්ම සමීප වුණේ. 


ජනාධිපතිවරණ කාලේ මහින්ද රාජපක්ෂට විරුද්ධව ආපු විශාලම සටන් පාඨය වුණේ “හෙල්පින් හම්බන්තොට” කතාව. හෙල්පින් හම්බන්තොට කියන්නේ සුනාමියෙන් ආපදාවට ලක්වුණු අයට සහන සලසන්න ලැබුණු ආධාරවලින් කොටසක්. හෙල්පින් හම්බන්තොට කියලා මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ මුලිකත්වයේ ගිණුමක් ආරම්භ කරලා ඒ මුදල් ඒ ගිණුමට දාගෙන ඒවා අදාළ පුද්ගලයින්ට දුන්නේ නෑ කියලා කියවුණු සිදුවීම්. 


මේ සිදුවීම් පිළිබඳ තොරතුරු මුලින්ම හොයා ගත්තේ ඒ කාලේ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය වැඩකටයුතුවලට සම්බන්ධව වැඩ කරපු ආරිය රූපසිංහ, එයා තමයි මේ ගැන කරුණු හොයාගෙන ඇවිත් රනිල් වික්‍රමසිංහට කිව්වේ. ඊට කලින් ආරිය රූබසිංහ චන්ද්‍රිකා කුමාරතුංග ළඟ හිටියේ. එතැන ඉන්න අතරෙ මත ගැටුමක් හදාගෙන තමයි එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකයට කෙළින්ම සම්බන්ධ වුණේ. 2005 ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ නිර්මාණාත්මක වැඩ කොටසක් කළා ආරිය රූබසිංහ.


ඒ වෙද්දි අපේ පක්ෂයේ මාධ්‍ය වැඩ කටයුතු කරපු කමිටුවක් තිබුණා. ඒකෙ නායකත්වය දැරුවෙ ලසන්ත වික්‍රමතුංග, ආරිය රූබසිංහ හෙල්පින් හම්බන්තොට ගිණුම ගැන තොරතුරු ගෙනත් ලසන්තට දුන්නම ලසන්ත ඒක ගැන ලොකු අවධානයක් යොමු කළා. ලසන්ත යෝජනා කළා මේ සිදුවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරලා උසාවි යමු කියලා. ඒකට රනිල් වික්‍රමසිංහගෙත් අනුමැතිය තිබුණා. මේක නඩුවක් හැටියට උසාවියට ගෙනියන්නේ කවුද? කියන ප්‍රශ්නය ආපු වෙලාවෙ ලසන්ත වික්‍රමතුංග යෝජනා කළා ඒක මගේ නමින් උසාවියට ගෙනියන්න කියලා. මම ඒක එකහෙළාම ප්‍රතික්ෂේප කළා. ඒකට හේතුව වුණේ ඊට පෙර මේ වගේ සිදුවීමක දී මම මේ විදියට මගේ නමින් පෙත්සමක් ඉදිරිපත් කරපු වෙලාවෙ පක්ෂයේ අනිත් අයගෙ සහයෝගය නොලැබීම. මට ඒ ගැන පක්ෂයේ අනිත් අය ගැන විවේචනයකුත් තිබුණා. පක්ෂයක් විදියට වැඩ කරද්දි තනි වගකිම් අරගෙන වැඩ කරන්න ගිහින් තනිවුණු නිසා මම මේ වෙලාවෙ හෙල්පින් හම්බන්තොට සිද්ධිය ගැන මගේ නමින් නඩුවක් ගෙනියන එක ප්‍රතික්ෂේප කළා. මම යෝජනා කළා “තනියෙන් කෙනෙක් මේක උසාවි අරගෙන යනවා වෙනුවට කණ්ඩායමක් විදියට මේකට මැදිහත් වෙමු” කියලා. 


කොහොම වුණත් මේ ගැන අපි කතාබහ කර කර ඉන්න වෙලාවෙම කාර්යාලයට ආපු කබීර් හෂීම් මේ වැඬේ බාරගත්තා. ඇත්තටම ඒක කබීර් හෂීම්ට බාරදුන්නා කිව්වොත් වැරදි නෑ. කබීර්ට ඒක ප්‍රතික්ෂේප කරන්න බැරි විදියට ඇගේ ගැහුව වගේ දෙයක් වුණේ. ඒක නිසා එයාට සිද්ධ වුණා මේ නඩුව ගෙනයන්න මේ අතරේ මහින්ද රාජපක්ෂ සුප්‍රීම්කෝට් ගියා ජනාධිපතිවරණ  සමයේ මේ නඩුව ගෙනියන නිසා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවෙනවා කියලා. එතකොට අගවිනිසුරු විදියට හිටියේ සරත් එන්. සිල්වා. අගවිනිසුරුවරයා මේක විභාග කරලා නියෝගයක් දුන්නා මේ නඩුව අහන එක වැරදියි. ඒක නිසා මේ නඩුව අහන එක අත්හිටුවන්න කියලා. ඒ විතරක් නෙවෙයි නඩුව ගෙනියපු කබිර් හෂීම්ට සුප්‍රීම් කෝට් එක රුපියල් ලක්ෂයක දඩයකුත් පැනෙව්වා. මන් මේ වැඬේට කරගැහුවනම් මට තමයි ඒක වෙන්නේ. මම එදා ඒක ප්‍රතික්ෂේප කරපු එක නිවැරදි තීරණයක් කියලා මට හිතුණා.
තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

මහින්දට එරෙහිව පක්‍ෂයෙන්ම චෝදනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 213 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2079 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site